Tuesday 11 July 2023

සාර්ථකත්වයට යන ගමනෙදි මොකක්ද ඔබව නවත්තන්නේ?

මට කියන්න.ඔබට හොදටම මහන්සි ද? ඔබට නිදා ගන්න වෙලාවක් නැද්ද? ඔබට උවමානා තරම් ශක්තිය නැද්ද? ඔබට කාලය මදිද? ඒකද ඔබව නවත්වගෙන ඉන්නේ. ඔබට සාර්ථක වෙන්න සල්ලි මදිද ඒකද හේතුව ? ඔබව නවත්වගෙන ඉන්නේ ඔබවද? මතක තියා ගන්න. නිදහසට කාරණා හොදයි ඒවා කියන මිනිස්සු ට. අද ඉදලා ඔයා පිලිබදව අනුකම්පා කරන එක නවත්වන්න. ඔයා දුකින් කියලා මිනිස්සු ට කියන එක. ඔයාගේ පශ්න කතා කරන එක, අනුන්ගේ අනුකම්පාව දිනා ගන්න උත්සාහ කරන එක අදම නවත්වන්න. දුක් මුසු බව පෙන්වලා මිනිස්සු ගෙ අවදානය දිනා ගන්න එක අදම නවත්වන්න. කවදාහරි ඔයා මං රෝල්ස් රොයී එකක් ඇතුලේ ඉන්නවා දැක්කොත් , මං තරැ හයේ හතේ හෝටලයක් ඇතුලේ ජීවත් වෙනවා දැක්කොත්  මට ඉරිසියා කරන්න එපා. මොකද? මං ඒ වෙනුවෙන් නිදි මරාගෙන වැඩ කරනවා. ඔබට වගේම තමයි මටත් කවුරුවත් මොකුත් දුන්නේ නැ. දැන් නැගිට්න්න. ඔයාගේ ඇග ඇතුලේ ඉන්න යක්ශයව අවදි කරන්න. සෙල්ලම පටන් ගන්න. මේ ඔබට හරියන කාලේ. ඔබ ඉන්නේ කොතනද? එතන ඉදලා ඔබට තියෙන දේවල් තියෙන හැටියට පටන් ගන්න. පුළුවන් හැටියට පටන් ගන්න. ඔයාට ඔයාගේ ජීව්තේ එක්ක පශ්නයක් තියෙනවාද? ඔයා ජීවත් වෙන පරිසරය එක්ක පශ්නයක් තියෙනවාද? එහෙනම් මට කරන්න දෙයක් නැ. ඔබේ පශ්නෙට ඔබ මොනවා හරි කරන්න. ඔබට දෙයක් ඕනද හරි එහෙම නම් ඒ දේ වෙනුවෙන් වැඩ කරන්න. ඊට පස්සේ ඒදේ ගන්න. හැබැයි මතක තියා ගන්න නිදහසට කාරණා තවදුරටත් වලංගු නෑ. ඒවා මනස්ගාත. බොරැ. ඒවා කොහොමද ? ඇත්තට මූණ දෙන්න පටන් ගන්න.මේ ලෝකේ ඇත්ත තමයි. ඔබට කාලය තියෙනවා. ඔබට කුසලතා තියෙනවා. ඔබට දැනුම තියෙනවා. ඔබ ගාව නිහතමානීකම තියෙනවා. දැන් ඔබට උවමානා දේ කරන්න. මතක තියා ගන්න. ඔබ ජීව්තේ හැමදේම පටන් ගන්නේ අභියෝගයකින්.  වටින කියන හැම දෙයක්ම තියෙන්නෙ ගහ මුදුනේ. අමාරැම මාවතක කෙලවරේ. ඒක ඔබව හොයාගෙන එන්නේ නැ. ඔබ යන්න ඕන.දවසක දිනලා බලන්න. ඒක ඔබ ලේසීයෙන් කලා කියලා ඔබට කවදාවත් හිතෙන්නේ නෑ. මොකද ඒක අමාරැයි. ඔබට ඒ සාර්ථකත්වය ඕන නම් යන්න ගිහින් ඒක අර ගන්න.මේ ඔයාගේ වෙලාව. මේ ඔයාගේ තැන. හෙට හෙට හෙට හෙට කියලා දවසක් නෑ. මොකද අපට තියෙන්නෙ අද දවස විතරයි. ඔයාගේ හීන ඔයාට උවමනා දේ ලබා ගන්න එක නම් යන්න.  ගිහින් ඒ වෙනුවෙන් වැඩ කරන්න. ලබා ගන්නකල් දිගටම වැඩ කරන්න. ජය කියන්නෙ එක ලොකු පිම්මක් නෙමෙයි. පුංච් පුංචි අඩි වලින් හැදෙන පොඩ් ගමනක්. කවුරැහරි ඔයාට බෑ කියලා කිව්වොත් දෙපාරක් ඒ වැඩේ කරලා පින්තූරයක් ගන්න.

ඔබට ජය ✌ 

Friday 30 June 2023

යකෙක් වගේ වැඩ කරමුද?

 

හැම කෙනාටම ඔින යකෙක් වගේ වැඩ කරලා සාර්ථක වෙන්න. හැම කෙනාටම ඕන අංක එක වෙන්න. හැමෝටම ඕන හොදම කෙනා වෙන්න. හැම කෙනාටම ඕන සාර්ථක වෙන්න. හැමෝටම ඕන වැඩ කරනවා කියලා දැනෙන හැගීම ගන්න. හැබැයි හැමෝටම ඕන කියනවා ව්තරයි. කවුරුත් කරන් නැ. හිතන්න මෙහෙම ඔයා ඇහැරෙනවා පාන්දර හතරට. හැබැයි ඔයා ඇහැරැනා අද තුනයි හතලිස් පහට. ඒත් මොකද වෙන්නේ ඔයා බෙඩ් ශීට් එක පොරව ගෙන තව විනාඩ් පහලවයි කියලා නිදා ගත්තම. ඒත් ඔයාගේ ඇතුලේ අර සාර්ථක වෙන්න දගලන එකා ඉන්නවා නම්. ඌ කියනවා උඹ විනාඩ් පහලොව නිදා ගත්තොත් ආයෙත් ඇහැරෙන්නේ නැහැ. දැන් නිදා ගත්තොත් ඇහැරෙන්නේ හයත් පහුවෙලා. හොදට මතක තියා ගන්න. නැගිටිනවා නම් මේ දැන්ම ඇහැරෙන්න. ඒ විනාඩ් පහලොව තමයි ඔයාගේ ජීව්තය. ඒ විනාඩ් පහලොව තමයි ඔයාලව ඉස්සරහට එක්කන් යනවද? පස්සට ඇදලා දානවද කියලා තීරණය කරන්නේ. ඔයා මොකද කරන්නේ? ඔයාගේ හීන ඔක්කොම පස්සට ඇදලා දානවද? ඔයාගේ මුළු ජීව්ත කාලේම හීන දැක්ක දේවල් වලට යන්න පාර තියෙන්නෙ එතන. ඔයා ගොඩක් ලගයි. ඒ විනාඩ් පහලොව තමයි ඔයාව ඉස්සරහට අරන් යන්නේ. එහෙනම් මොකාද එකෙක් වගෙ ඔලුවේ ඉදන් පොරවගෙන ඉදලා හරියනවද? මතක තියා ගන්න ඔයා හතරට ඇහැරෙද්දි. තව අය තුනට ඇහැරිලා එයාලගේ හීන වෙනුවෙන් වැඩ කරනවා. ඔයා එතකොට විනාඩ් පහලොවක් පරක්කු යි. මට ඕන ඔයා යකෙක් වගේ වැඩ කරන්න . ඉලක්කය වෙනුවෙන් නැහීගෙන් වැඩ කරන්න. 

හැමෝම මොනවා හරි දෙයක් වෙනුවෙන් පොරබදිනවා. ඒත් ඒ හැමෝටම ඒ දේවල් ලගා කරන්න ගන්න වෙන් නැහැ. මතක තියා ගන්න ඔයාට යකෙක් වගේ වැඩ කරන්න පුළුවන් නම් ඔයා දිනනවාමයි. ඔයාට දියමන්තියක් වගේ ඔයාගේ වටිනාකම වැඩ් කර ගන්න ඔින නම් ඔයාගේ මුළු හැසිරීමම වෙනස් කර ගන්න වෙනවා. පිටස්තර සම්බන්ධතා, ඔයාගේ කාලය ගත කරන සියල්ල එයට යටයි. ඔයාට ඒ හැම දෙයක්ම වෙනස් කර ගන්න වෙනවා. ඔයාට වෙනස් වෙන්න බැරි නමි අකුලන් යන්න තමයි වෙන්නේ. වෙනස් වෙන්න බැරි අයට මේ ගේම ගහන්න බැහැ. මේ ගේමි එක දිනන්නේ යක්කු වගේ වැඩ කරන අය ව්තරයි. ඔයාගේ ඉලක්කය පස්සේ ම පන්නන්න. වැඩ කරන්න. විස්වාස කරන්න ඔයාව. ඔයාට ඕන හැම දෙයක්ම ඔයා ලගා කර ගන්නවා කියලා. සිගිති ලෝක වලින් එලියට එන්න. මේක වැඩ්ඩෝ රගන තැනක් මිසක් නිකං ඉදලා ගොඩ යන්න පුළුවන් තැනක් නෙමෙයි. කැප කරන්න ඔයාගේ අද දවස ඔයාගේ හෙට දවස වෙනුවෙන්. 

ඔයා අමාරැ සබිජෙක්ට් එක කටි කරනවද? එහෙනම් කොහොමද මනුස්සයෝ සාර්ථක වෙන්නේ අමාරැම දේවල් skip කරලා.  කවදාහරි කෙලවෙන්නෙත් ඒ දේවල් නිසාමයි. ඒක හොදට මතක තියා ගන්න.  ඔයාට අමාරැ සබිජෙක්ට් එකට තව මහන්සි වෙන්න. පොත් හොයාගෙන කියවන්න. ඒ වෙනුවෙන් දිගටම වැඩ කරන්න. පරදින පරදින වාරයක් ගානේ ආය නැගී සිටින්න. තැලෙන්න තැලෙන්න මුවහත් වෙන්න. ගිහිල්ලා clz එකේ පලවෙනියා වෙන්න. පටන් ගන්න ඔයාගේ බිස්නස් එක. ගන්න ඒ ගැම්ම. මට කියවිලි කාරයන්ගේ කියවිලි ඇහිලා ඇතිිවෙලා.  මම සාර්ථක වෙනවා අරකද මේකද ගගා. සාර්ථක වෙනවා නමි වෙලා පෙන්නන්න. උදේ ඇහැරිලා පොඩි නැප් එකක් දානවද? ඒක නෙමෙයි යකෙක් වගේ වැඩ කරනවා කියන්නේ.   පටන් ගත්ත දේ ඉවර කරලා නිදා ගන්න. සාර්ථකත්වය කවදාවත් පොලේ සේල් දාලා විකුණන් නැහැ. ඒක පොළව හාරලා ගන්න මැණික් ගලක් වගේ. මම අභියෝග කරනවා අද ඉදලා වැඩියෙන් මහන්සි වෙලා වැඩ කරන්න. 

ඔබට ජය ✌ 

Monday 12 June 2023

ඔබේ හීනය ඔබේ මනසේ ආයෝජනය කරන්න. නැගිටලා එන්න වැඩ කරන්න.

 

නරක් වූ පලතුරැ ලග තියෙන ඉදුණු පලතුරැ ඉක්මනින් නරක් වෙනවා. ඒ වගේ තමයි සෘණාත්මක මිනිස්සු ලග ඉන්න ධනාත්මක ම්නිස්සු සෘණාත්මක කරන්න නරක් වුන පලතුරැ වගේ සෘණාත්මක ම්නිසුන්ට පුළුවන්. හීන වලට උණ තියෙන මිනිස්සු ලග නිතර ගැවසෙන්න. මං දන් නැ ඔබේ හීනය මොකක්ද කියලා. මට හිතා ගන්න බැ ඔබ ඒ හීන ඉටු කර ගන්න ගිහින් කොයි තරම් දුක් වින්දද කියලා. මේ මොහොතේ ඔබ කොයි තරම් කලකිරීමෙන්ද ඉන්නෙ කියලා. හැබැයි මං එක දෙයක් දන්නවා. ඔබේ හදවතේ හීනය ඒක හැබෑ වෙනවා. 

ඔබ සමහරවිට දන්නවත් ඇති. ඒක අමාරැයි. ඒක ලේසී නෑ. ඔබේ ජීව්තය වෙනස් කරන එක අමාරැයී. ඔබේ හීනයට යන මෙහෙයුමේදී ඔබට ගොඩාක් දේවල් නැති වෙන්න පුළුවන්. ඔබ පැරදෙන්න පුළුවන්. ඔබට ලොකු වේදනාවක් දැනෙන්න පුළුවන්. ඔබට ඔබ ගැන තියෙන විස්වාසය නැති වෙන්න පුළුවන්. සමහරවිට ඔයා කියයි. දෙවියනේ ඇයි මටම මෙහෙම වෙන්නේ? කියලා. මං උත්සාහ කරන්නේ මගේ දෙමව්පියන්ගේ හීන ඉටු කරන්න නේද? මං හීනෙකින්වත් වරදක් කලේ නැනේ. එහෙම නම් මටම මෙහෙම වෙන්නේ කියලා. ඒ වගේ අමාරැ අවස්ථා පහු කරන ඔබටයි මේ කියන්නේ ගමන අතාරින්න එපා. ඇවිදගෙන යන්නේ අපායක් මැද්දෙන් නම් යන්න දිගටම ඇවිදගෙන යන්න.මේ ලෝකේ හැම මිනිහෙකුටම අමාරැ දවස් එනවා. හැබැයි ඒවා එන්නෙ නවතින්න නෙමෙයි. ඒවා එන්නෙ පහුකරගෙන  යන්න. ඔබ දන්නවා ද දක්ශයෙක් වෙන එක පුදුමාකාර නෑ. ඒක අපි හැමෝම ලග තියෙන දෙයක්. වැදගත්ම දේ තමයි ඔබ ඔබව විස්වාස කරන්න පටන් ගන්න ඕන. ගොඩක් මිනිස්සු කසාද බදිනවා . ජීවත් වෙන්න කීයක් හරි හොයා ගන්නවා . ඊට පස්සේ මැරිලා යනවා. තමාව උනන්දු කරන එක නතර කරනවා. ගොඩක් මිනිස්සු තමන්ගේ තත්වය ගැන චෝදනා කරම්න් ඉන්නවා. හැබැයි එයාලා ට එයාලගේ තත්වය වෙනස් කරන්න කිසි උනන්දුවක් නැ. 

ගොඩක් අය තමන්ගේ හීනය වෙනුවෙන් වැඩ කරන්නෙ නැහැ. ඇයි ඒ? 

01 පැරදෙන්න තියෙන බය හින්දා.

මේ දේ මෙහෙම උනොත් මොනවා වෙයිද? 

02 සාර්ථක වෙන්න බය හින්දා.

මේ දේ හරි ගියොත් පාලනය කර ගන්න පුළුවන් වෙයිද?

ඔබ ගොඩක් මිනිස්සු එක්ක කාලය ගත කරනවා. ගොඩක් මිනිස්සු ඔබට ආකර්ෂණීය කර ගන්න ඔබ කටයුතු කරනවා. ඔබ දැන් මිනිස්සු අධ්‍යනය කරා. ඔබ දැන් එයාලා ගැන දන්නවා.ඔබට ඔින ඒ මිනිස්සු වගේ වෙන්න . මොකද ඔබ කාලය ආයෝජනය කලේ අනිත් මිනිස්සු ලග.ඒ නිසා ඔබ කවුද කියලා ඔබ දන්නෙ නැ.මං ඔබට අභියෝග කරනවා. ඔබ ඔබත් එක්ක ජීවත් වෙන්න. ඒකෙන් විතරයි ඔබේ පරාජයන් එලියට ඇදලා දාන්න පුළුවන් වෙන්නේ. එතකොටයි  ඔබ හීන වලට යන එක පටන් ගන්නේ. ඔබ ඔබට චෝදනා කරන එක නතර කරන්නේ. මට අරක නැ. මට මේක නැ. මට මහන්සි. මං දුර්වලයි. ඔබ චෝදනා කරන එක නවත්වන්න. චෝදනා කරන මිනිස්සු න්ගෙන් ඈත් වෙන්න. චෝදනා නොකරන මිනිස්සු ලග තමන්ගේ ගැටලු වලට උත්තර තියෙනවා. තමන්ගේ හීන පස්සේ එලවන මිනිස්සුන්ට අරමුණ ඔලුව ට වැටුනම ඔබ මුලින්ම කරන්නේ මිනිස්සු ගෙන් ඈත් වෙන එක. ඔයා තමන් වටේ ඉන්න මිනිස්සු ව අධ්‍යනය කරන්න කරන්න ඔයා කොපි කරන කෙනෙක් වෙනවා.

ඔබට ඕන ලෝකේ හොදම කොපි කැටි වෙන්න ද? 

නැත්නම් හොදම version එක වෙන්න ද? ඔබ තීරණය කරන්න.


හැමෝම ඔබේ උත්සාහය දකින එකක් නැ. හැමෝටම ඔබට වගේ අරමුණක් තියෙන එකක් නැ. ඔබට අදාල නෑ. පොකුණේ ඉන්නෙ මොනවගේ මාළුවොද කියලා . මොකද ඔබ වෙනස්ම සතෙක්. ඔබෙි ගමනට කාව හරි සම්බන්ධ කර ගන්නවා නම් ඔබ තරමිම සාර්ථක වෙන්න උණක් තියෙන කෙනෙක්ව සමිබන්ධ කර ගන්න. හීන කියන බඩගින්න තියෙන කෙනෙක්ව එකතු කර ගන්න. හීන අතෑරපු මිනිස්සු නෙමෙයි. හීන හෑබෑ කර ගත්තෙ හීන එක්ක පොර බදලා අල්ලය් ඉදපු මිනිස්සු යි. ඔබට කවදාවත් තිබිලා නැති දෙයක් ලබා ගන්න නම් ඔබට කවදාවත් කරලා නැති දේවල් කරන්න වෙනවා. ඔබ කොයි තරමි වැටුනත් ඔබ කොයි තරම් කල කිරැනත් ඔබ දැන ගන්න ඔින. කාටවත් බෑ මං වෙනුවෙන් මේ දේ කරලා දෙන්න.  ඔබට අද රිදෙන තරමටම ඔබට හෙට ලැබෙනවා. ඔබ පතන ජීව්තේ ලබන්න නම් ඔබට මෑරීගෙන හීන ඇතුලේ කිමිදෙන්න වෙනවා.  කොච්චර අමාරැ උනත් මම ඒක කරනවා.  හිතන්න මොකක්ද මගේ හීනේ. මට වෛද්‍යවරයෙක් වෙන්න ඕන මට ව්‍යාපාරික යෙක් වෙන්න ඕන. ලෝකේ හොදම වාහනය පදින්න ඕන. ලෝකේ ලස්සනම තැන් දකින්න ඕන. ඇති වෙනකල් මගේ උන්ට සලකන්න ඕන. ඔබට ඒවා කරන්න බැහැ. ඔබේ කාලය ආයෝජනය නොකර. ඔබට දවසක ඕන දේවල් දැන් තියෙනවා කියලා හිතන් වැඩ කරන්න. හිතින් මවා ගන්න ඔබ ආසම වාහනේ ඔබ පැදගෙන යනවා. ඔබ ලෝකේ ආසම තැන් වල ඔබ ඇවිදගෙන යනවා. මතක තියා ගන්න ඔබේ හීනය ඔබේ මනසේ ආයෝජනය කරන්න. නැගිටලා එන්න වැඩ කරන්න.

ඔබට ජය ❤️

Saturday 10 June 2023

අදුරැ මතක මැදින් නැගිටිමු.

 


අපිට බෑ ලෝකේ ඉන්න හැම එකාවම සතුටු කරන්න.

අපිට බැ ලෝකේ හැම එකාම කැමති දේවල් කරන්න.

ඒක නිසා මහන්සි වෙයන් උඹවම සතුටු කරන්න.

ඒක නිසා මහන්සි වෙයන් උඹ කැමති දේ කරන්න.

එතකොට කවදාහරි උඹ වටේ ඉන්න එවුනුත් සතුටු කරන්න පුළුවන් වෙයි.

අඩිය අඩිය තියපන් ඉස්සරහට අඩිය අඩිය පලයන් ඉස්සරහට.

 හිතපන් උඹ අඩියක් හරි ඉස්සරහට ගියොත් ඒක කාටද කියලා. 

හිතපන් උඹ දිනුවොත් ඒක කාටද කියලා.

අමතක කරපන් උඹෙි ගරා වැටුණු අතීතේ.

අමතක කරපන් ගරා වැටුණු මතකයන්.

නැගිටපන් ඒ ගරා වැටුණු මතක අතරින් නියම මිනිහෙක් වගේ.

එතකොට මුළු ලෝකෙම උඹට ආදරේ කරයි.

හරියට උඹ ඉපදුණු දවස වගේ.

ආයෙත් ඉපදියන්.

ආයෙත් කරපන්.

හදපන් මෙතෙක් බිහි වුණු උඹේ.

හොදම version එක.

ඔබට ජය ❤️









Thursday 1 June 2023

ඔයාගේ වට්නාකම ගැන දන්නවද? 🤔

 

ඔයා හිතනවද? කාටවත් ඔයාව වටින් නැ . කවුරුත් ඔයාව ගනන් ගන් නැ. ඔයාව හැමෝම ප්‍රතික්ෂේප කරනවා. ඔයාව කවුරුත් ගනන් ගන් නැ කියලා. හිතන්න රැපියල් දාහක් අරන් ඔයා කඩේට යනවා. ගන්නවා රැපියල් නමසීයක බඩුවක්. ඔයාට ඒ දාහෙන් ගෙවන්න පුළුවන් නේද? ඔයා ගන්නවා නමසිය අනූනමයට තියෙන බඩුවක් ඒත් ඔයාට ගෙවන්න පුළුවන් නේද? ඒත් ඔයාට ගන්න පුළුවන් නේද? ඔයා රැපියල් දාහ ගුලි කරනවා. දැන් ඔයා ගුලි කරා කියලා රැපියල් දාහේ වටිනාකම අඩු උනාද? ඔයා ඒ දාහ කිළිට් කරනවා බිම දාලා පාගනවා. දැන් වට්නාකම කීයයි කියලද හිතන්නේ. ඔයා ඒ දාහ කිළිට් කරලා විසික් කරනවා. ඒක අහුල ගන්නවා වෙන කෙනෙක්. දැන් එකේ දාහේ නෝට්ටුවේ වට්නාකම කීයද? දාහ කිළිට් කරලා දෙකට මැදින් ඉරනවා. දැන් වට්නාකම කීයයි කියලද හිතන්නේ? වට්නාකමක් නැද්ද ? ඔයාට පුළුවන් දාහ මැද්දෙන් ටෙිප් එකක් ගහලා අර නමසිය අනූ නමයේ භාණ්ඩය ගන්න. ඔයා ඉරැවා , පෑගුවා කියලා වට්නාකම අඩු උනාද? නැ නේද?

එහෙනම් ඇයි ඔයා හිතන්නේ ඔයාගේ වට්නාකම අඩු උනා කියලා. ඔයා ප්‍රතික්ෂේප වුනා , ඔයාව මග හැරියා කියලා ඔයාගේ වටිනාකම අඩු වුනා කියලා හිතන්නේ ඇයි? ඔයාව කවුරැහරි රිද්දුවා , ඔයාගේ ආදරවන්තයා දාලා ගියා , ඔයාගේ ව්‍යාපාරය ආසාර්ථක වුනා කියලා හිතන්නේ ඇයි? ඔයා එක්ක ලගින්ම ඉදපු අය දාලා ගියා , ඔයා කොන් වුනා, ඔයාගෙන් අනිත් අය ප්‍රයෝජන ගත්තා කියලා හිතෙනවද? ඔයාගේ වට්නාකම මෙි දේවල් නිසා අඩු වුනා කියලා හිතෙනවද? මතක තියා ගන්න ඔයාගේ හිතත් කොච්චර කැඩුනත් බිදුනත් ඉරිච්ච දාහට ටෙිප් කෑල්ල ගහලා වටිනාකම නැවත ලැබුනා වගේ. ඔයා ඔයාගේ කැඩුණු බිදුණු තැන් ගම් ගාලා අලවන්න. ඔයා තීරණය කරන්න ඔයාගේ වටිනාකම . ඒක තීරණය කරන්න පුළුවන් ඔයාට ව්තරයි. නැගිට්න්න උත්සාහ කරන්න. ඔයාගේ වටිනාකම තීරණය කරන්න. ඔයා අත්හරින්න ඔන්න මෙන්න වෙන්න ඇති. ඔයාට ජීව්තේ එපා වෙලා ඇති. ජීව්තේ අතාරින්න ඔන්න මෙන්න වෙන්න ඇති. මානසික ආතතිය ඇති. හැබැයි මතක තියා ගන්න මේ කිසි දේකට බැ ඔයාගේ වටිනාකම  අඩු කරන්න. ඔයා ඔයාගේ ගමන යන්න. ඔයාගේ ඉලක්කයට යන්න.   කිසිම මොහොතක ඔයාව අවතක්සේරු කරන්න එපා. ඔයාගේ වටිනාකම ඔයා තීරණය කරන්න.  

ඔයාව ගොඩක් වටිනවා. ඔයාව පරිස්සම් කර ගන්න.

ඔබට ජය !

Tuesday 30 May 2023

Stress එක අඩු කරන්නේ කොහොමද ?



එක දවසක් ඩැනියල් ගෝල්මන් මහතා එතුමාගේ දේශනයකදි කතාවක් කියනවා. එතුමට යාලුවෙක් ඉන්නවා. එතුමගේ ව්නෝදාංශය තමයි පොත් කියවන එක. හරියට පොත් කියවනවා. දවසක් මහාචාර්ය තුමාට කෝල් එකක් එනවා මේ යාලුවා රිය අනතුරකට ලක් වෙලා කියලා. මහාචාර්යතුමා යනවා යාලුවාව බලන්න. ගිහින් බලද්දී මේ ආසාවෙන් පොත් කියවන යාලුවගේ එක් ඇහැක් අන්ධ වෙලා.මහාචාර්යතුමාට හරිම දුකයි. මහාචාර්යතුමා යාලුවාගෙන් අහනවා දැන් ඉතින් පොත් කියවන්නත් අමාරැයි නේද ඔහොම  කියලා. දන්නවද යාලුවා මොකද කිව්වේ කියලා .

එක ඇහැයිනේ පේන් නැත්තේ . අනිත් ඇහැ මට හොදට පේනවා. මට හොදට පොත් කියවන්න පුළුවන්. ඔහොම කාලය ගත වෙනවා. ආය ට්ක කාලයකින් යාලුවව බලන්න මහමහාචාර්යතුමා යනවා. ඒ යද්දී යාලුවගේ අනිත් ඇහැත් අන්ධ වෙලා.  දැන් පොතක් පතක් වත් කියවන්න බැනේ මහාචාර්ය වරයා කියනවා. එතකොට ලැබුනේ පුදුම උත්තරයක්. නැ ගැටලුවක් නැ. ඇස් පේන් නැති උනාට කන් ඇහෙනවානේ. මට ඕඩියෝ බුක් අහන්න  පුළුවන් නේ.මං මෙච්චරකල් මෙයට උත්සාහ නොකලේ අපරාදේ කියලා මට හිතුනා. මං දැන් එයට උත්සාහ කරනවා. 

මේ වගේ අපිට අපේ පාලනයෙන් තොර දේවල් පාලනය කරන්න බැ. නමුත් අපට ඒ දේවල් වලට එකග වෙලා ඒවාට ව්කල්ප හොය ගෙන ගමන යන්න පුළුවන්. ඒක තමයි ස්වභාව දහම.  ඔබ ඉගෙන ගත යුතු පලවෙනි පාඩම පාලනය කල නොහැකි දෑ හිතට එකගව පිලි ගැනීම පලවෙනි පාඩම. 

දෙවන පාඩම් තමයි ආතතිය අඩු කර ගන්න පොඩ් ව්වේක කාලයක් හොයා ගන්න. හැම දවසක් ඇතුලෙම නිවාඩුවක් හොයා ගන්න.  ඒක බස් එකේ අයිනේ යද්දි හෙඩ් සෙට් එක ගහගෙන සිංදුවක් අහන එක වෙන්න පුළුවන්. ඔපිස් එකේ දී ලැබෙන තේ එක වෙන් පුළුවන්.ගෙදර ඉන්න සුරතලා හුරතල් කරන වෙලාව වෙන්න පුළුවන්. උදේට හවසට ඉර පායන ඉර බහින එක බලන එක වෙන්න පුළුවන්. වලස්සුන්ට මේ පුරැද්ද තියෙනවා . ඔවුන් ඉර පායන ඉර බහින හැට් බලන් ඉන්නවා. 

අපෙ ආතතී හෝමෝනය දහඩ්යත් එක්ක පිටතට යනවා. ඒක අප අවට තියෙනවා. එකම පරිසරයේ වැඩ කරලා . ආතතිය ට පුළුවන් කාන්තාවන් ගේ මාසික ඔසප් වීමත් මාස දෙකක ඔසප් වීම් එක මාසේකට ගේන්නත් පුළුවන්. එ ආතතිය අනෙක් අයටත් බලපානවා. එ නිසා අපේ ආතතිය අප පිට කර ගත යුතුයි. ලග ඉන්න අයට ආතතිය ඇති නොවෙන්න වග බලා ගන්න. උදව් කරන්න. 

ලස්සන සෙං කියමනක් තියෙනවා. සංසුන් බව යනු ඔබයි. ආතතිය යනු ඔබට පත් වීමට අවශ්‍ය දෙයයි. සංසුන් බව ලගා කර ගන්න පුළුවන් යමක් ඔබ අවට තමා ගන්න. ඔබ ජලයට කැමති නම් පරිගණක තිරයට ජලයේ, ඇල, දොළ වල පින්තූරයක් දා ගන්න. ඔබ ආදරය කරන කෙනෙක්ගේ පින්තූරයක් ඔබ අවට තියා ගන්න. එවිට ඔබ සංසුන් වෙනවා. ආතතිය අඩු වෙනවා. 

ඊලග කාරණය ඔබ උදේ නැගිටලා පලවෙනි විනාඩ් විස්ස ඇතුලත ෆෝන් එක අතට ගන්න එපා. මේ වෙලාවේ අප කරන දේවල් මුළු දවසටම බලපානවා. ෆෝන් එක අතට ගත්තම එක එක සෘණාත්මක අදහස් ඔබේ ඔලුවට යනවා. ඩැනියල් ගෝල්මන් මහාචාර්යතුමා තමන්ගේ පර්යේෂණයක සමාජිකයන්ට වැඩක් කරන්න දී. පැයකට වරක් ෆෝන් එකට නොට්ෆිකේශන් එකක් යවා වැඩේ අවදානය තියෙනවා ද බැලුවා. නැ අවදානය තිබිලා තියෙන්නෙ ෆෝන් එකේ. අපි ගොඩක් ආතතියට පත් වෙන්නේ අපේ වැඩ හරියට කර ගන්න බැරි උනාම. අපේ අවදානය ගිලිහිලා එක එක පැත්තට ගියහම. අපට අවශ්‍ය තැන අපේ අවදානය තියා ගන්න එක ලොකු යුද්ධයක්. 

ආතතිය පිට කිරීම හරහා ආතතිය කලමණාකරණය කල හැකියි. ස්විඩනයේ තියෙනවා ෆොක්ස්ටා කියලා කැම්පස් එකක්. එහි හරි අමුතු සංස්කෘතියක් තියෙනවා. ඒ ලමයි රැ දහයට ජනෙල් ඇරලා එලියට ගිහින් හය්යෙක් කෑ ගහනවා. ඔවුන් ආතතිය පිට කර ගන්නයි එහෙම කරන්නේ. 1970 ඉදලා ඔවුන් මේක කරනවා.  කාට හරි අපිට අපේ ආතතිය කියන්න පුළුවන්. ආතතිය පිට කර ගන්න හොදම විදිය අප තෝරා ගත යුතුයි. පොතක් හොයාගෙන ලියන්න පුළුවන්. ලියලා ලියලා ලියලා ආතතිය පිට කරන්න.නිවාඩුවක් ගන්න. ආතතිය පිට නොවී ශරිරයේ තීබීම ශාරීරික ගැටලුවක් වෙනවා. 

ස්නායු පද්ධතිය සංසුන් කර ගන්න. අපේ ආතතිය ට මොළය විතරක් නෙමෙයි හදවතත් වේගයෙන් ගැහෙනවා. නොනවත්වාම හිතනවා. එලියෙන් සහ ඇතුලෙන් එන ආතතිය එක්ක ඔබ ඉන්නේ. මේ අවස්ථාවේ ඉක්මනින් කේන්තී යනවා. තාර්කිකව තීරණ ගන්න උදව් කරන්නේ අපේ ස්නායු පද්ධතිය. ස්නායු පද්ධතිය සංසුන් කර ගන්න අපට පුළුවන් වෙන්න ඕන. බය , කල්පනා කරන්න බැරි ගතිය එවිට දැනෙනවා. එතකොට අපි වැඩ කරන්නේ පොඩ් ළමයෙක් වගේ. කෑ ගහනවා, බනිනවා. කූල් වතුර ට්කකින් මුහුණ ට්කක් හෝද ගන්න. ගැඹුරු හුස්මක් අරගෙන ඒක පිට කරන්න.මොනවා හරි කන්න. පොඩ් නින්දකට යන්න. භාවනා කරන්න. යෝගා කරන්න.එලියට ගිහින් ඇවිදලා එන්න.ආය සතුටින් වැඩ කරන්න. ස්නායු පද්ධතිය සංසුන් කරා  ම ආතතිය පරාජය කරන්න පුළුවන්. ට්ක ට්ක පුරැදු කරන්න.  සංසුන් බව ඔබයි.

ඔබට ජය 💪❤️

කවුද මේ යකඩ ගැහැනිය?

 

ඇය නමින් මුනිබා මසාරි. 1987 වර්ෂයේ මාර්තු මස තුන්වන දින පාකිස්තානයේ රහීම් යාර් ඛාන් නගරයේ ඇය උපත ලබනවා. තද නීති වලින් සැදුම් ලත් ,පියාගේ තීරණය අවසන් තීරණය වන සාම්ප්‍රදායික පවුලක  දියණියක් වූ ඇයට අධ්‍යාපනය අවසන් කලා.වහාම විවාහ වන්නට සිදු වෙනවා. මේ අතර පාකිස්තානයේ හිටපු  ගුවන් හමුදා නියමුවරයෙක් වන කුරාම් ෂාසාඩ් සමඟ වයස අවුරුදු 18 දී විවාහ වන මුනිබාට එය එදා සතුටුදායක විවාහයක් වුනේ නෑ.

කාලය ඔහොම ගත වෙනවා. විවාහයෙන් වසර දෙකකට පසු එනම් 2008 පෙබරවාරි මස 27 වනදා මුනිබාට දෛවපෝගත ඉරණමකට මුහුණදෙන්න සිදුවෙනවා. සැමියා සමඟ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින විට ඔහුට නින්ද යෑම හේතුවෙන් පාලනයෙන් ගිලිහුණු මෝටර් රථය ප්‍රපාතයකින් පහලට පෙරලී යනවා.පෙරලී යන මෝටර් රථයෙන් මුනිබාගේ සැමියා වන කුරාම් කෙසේ හෝ එළියට පැන ගත්තත් මුනිබා රථය තුල සිර වෙනවා.හදිසි මෙහෙයුම් කණ්ඩායම් පැමිණ ඇයව බේරාගැනීමට උත්සහ කළත් එය සිතූ තරම් ලේසි පහසු කටයුත්තක් වන්නෙ නෑ. අනතුරට පත්වූ රථයෙන් ඉතා අසීරුවෙන් ගලවා ගත් මුනිබා ඒ වනවිටත් දරුණු තුවාල ලබා තිබුණා.ඇගේ අතේ අස්ථි ,ඉළ ඇට , උරහිස් සහ කොඳු ඇට පෙළට දරුණු ලෙස හානිවී තිබුණා. එමෙන්ම ඇගේ පෙනහලු හා අක්මාද අභ්‍යන්තරයෙන් කැපී තිබුණු බව වෛද්‍යවරුන් පවසා තිබෙනවා.

මේ අතර අවුරුදු දෙකක් පුරා රෝහල් කාමරයේ දිවි ගෙවූ මුනිබා තමන්ගේ ඒ අඳුරු අත්දැකීම විස්තර කරන්නෙ මෙලෙසින්.
පළමුවෙනි දවසේ වෛද්‍යවරයා මගෙ ළඟට ඇවිත් කිව්වා ඔයා චිත්‍ර ශිල්පිනියක් කියලා මට දැනගන්න ලැබුණා.ඒත් කියන්න කණගාටුයි ඔයාට ආයෙ කවදාවත් චිත්‍ර අඳින්න වෙන්නෙ නෑ කියලා.ඒ වේදනාව මම දරාගත්තා. දෙවනි දවසේ වෛද්‍යවරයා ඇවිත් කිව්ව ඔයාගෙ සුෂුම්නාවට සහ කශේරුකාවට වෙච්ච හානිය නිසා කවදාවත් ඔයාට ඇවිදින්න බෑ කියලා. ඒ වේදනාවත් මම දරාගත්තා. තුන්වෙනි දවසේ වෛද්‍යවරයා ඇවිත් කිව්ව ඔයාට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ කියලා.ඒත් ඒ වේදනාව දරාගන්න මට බැරි වුණා.

වසර දෙකක් ගිලන් ඇඳ මත සිටින මුනිබාට වෛද්‍යවරුන් විසින් භෞත චිකිත්සාව ආරම්භ කිරීමෙන් පසුව ඇයට රෝද පුටුවක් භාවිතා කිරිමට තරම් සුවයක් ලැබෙනවා. ඇයට ඇගේ සුන්දර වූ තාරුණ්‍යය අංශභාග රෝගියෙක් ලෙසයි ගත කරන්නට සිදුවන්නේ.

අනතුරෙන් වසර කීපයකට පසුව ඇයට දරුවෙකුගේ අවශ්‍යතාවය තදින්ම දැනෙනවා. ඒ නිසාම ඇය අසරණ දරුවන්ට රැකවරණය දෙන සංවිධාන වල ලියාපදිංචි වෙනවා.දිනක් එවන් සංවිධානයකින් ඇයට ඇමතුමක් ලැබෙනවා. ඒ කුඩා පිරිමි දරුවෙක් සිටින බව කියමින්.ඇය වහාම එහි ගියත් ඇයව දුටු විගසම ඔහු තැතිගැන්වෙනවා .කෙසේ හෝ ” නීල් ” නැමති සුරතල් පිරිමි දරුවාගෙ මව වන්නට මුනිබාට වාසනාව හිමි වෙනවා.

අකාරුණික ලෙස ලියවී තිබූ දෛවය වෙනස් කරන්නට සිතමින් මුනිබා ඇය ආදරය කලා වූ චිත්‍ර කලාවටද නැවත යොමු වෙනවා.රෝද පුටුවක දිවි ගෙවන්නට සිදු වූවත් ඇය විවිධ දේ සඳහා යොමු වීමට කාලය වැය කරනවා.
එලෙස විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ජනතාවගේ ආදරය දිනාගැනීමට මුනිබා සමත් වෙනවා. ඇය මෙන්ම ජිවිතය කඩාවැටුනු මිනිසුන්ට දිරිය දෙන ඇය දක්ෂ අභිප්‍රේරණ කථකයෙක් වෙනවා.
ලෝක ප්‍රකට රූපලාවණ්‍ය සන්නාමයක් වන” පොන්ඩ්ස්” විසින් ඇයව “යුගයේ ආශ්චර්යමත් කාන්තාව” ලෙසද නම් කරනවා. ඒ ඈ ලෝකයට පෙන්වූ දස්කම් නිසාවෙන්මයි.

එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයේ පාකිස්ථානු තානාපතිනිය වන්නේද මුනිබා යි. කුඩා කල පටන්ම පියාගෙ අණසකට යටත්ව සිටි මුනිබාට දැන් තම දෙපයින් නැගී සිටින්නට නොහැකි වුණත් ඇය නොපසුබට උත්සාහයෙන් ජීවිතයට මුහුණ දෙන ශක්තිමත් කාන්තාවක්. 

යම් දිනක ඔබට ඔබේ දෙපා අහිමි වුණොත්? නැතිනම් දෙපා පණ නැතිවී ජීවිත කාලයම රෝද පුටුවක් මත ගෙවන්න සිදු වුණොත්? ඔබට කුමක් සිතෙයිද? නිසැකවම ඔබට දැනෙයි ඔබ මුලු ජිවිතයම පරාජය උනා කියලා. ඇයත් එසේ අතහැර දැමුවා නමි මෙතරම් දියුණු තැනකට පැමිණෙන්නෙ නැත. ඇය කවදාවත් ඇය ආබාධිතයෙක් කියලා පිලිගත්තේ නැ. ජීව්තේ  කියන්නේ අපි හිතන්නේ වත් නැති දේවල් වෙන නවාතැනක්. හැබැයි දෛවයට අපිව නතර කරන්න අපි ඉඩ දෙනවද? ඇය අපට කියලා දෙනවා ඔරලෝසුවෙි කැරකෙන කටුවලට ගත වෙන කාලය කෙතරමි වට්නවද කියලා. මුනිබා කොතරම් බාධක තිබුණද නතර වූවාද? ඇය එලෙස නිදහසට කාරනා නොකියා මේ ගමන ගියාද සියල්ල ලැබී ඇති වාසනාවන්ත ඔබට ඔබේ ගමන නතර කරන්න ට අවසරය නැත. තටු හකුලා වැතිර සිට්න කුරැල්ලන් නොවෙමු. තටු ගසා දමා පියඹා ගොසින් හීන වලට පණ දෙමු. අපි අපේ ජීව්තේ සිදු වන සිදූවීමි වලින් අපෙ ජීවත කඩු පට්ටමි වෙනවා. නමුත් ඇය ලෝකයම බෑ කියද්දි ඇය නැවත නෑගී සිට්නවා. ඇය ඇයව විශ්වාස කරලා ⁣ඇගේ ආත්ම ශක්තියෙන් නැගී සිටියා. එබවින් ඇයව පකිස්තානයේ යකඩ ගැහැනිය ලෙස ලෝකයම අමතයි.



සෑම මොහොතකම ජීවත් වන්න .ඔබගේ මරණයට පෙර මිය නොයන්න
Live every moment .Don’ t die before your death

ඔබට ජය 💪❤️

Monday 29 May 2023

අරමුණක් නැද්ද?


   
මිනිස් මොළය නිර්මාණය වෙලා තියෙන්නෙ සාර්ථකත්වය වෙනුවෙන් නොවෙයි. නිර්මාණය    වෙලා තියෙන්නෙ පැවැත්ම  වෙනුවෙන්. ඉතින් ඔබ හා මම පැවැත්ම වෙනුවෙන් ජීවත් වන විට අප කරන්නේ අපේ ශක්තිය සංරක්ෂණය කරමින් ජීවත් වෙන එකයි. හැබැයි සාර්ථකත්වය වෙනුවෙන් කැපවන විට අප කටයුතු කරන්⁣නේ සාර්ථකත්වය වෙනුවෙන් ශක්තිය වැය කරමින් ජීවත් වෙන එකයි. ඉතින් ඒ නිසා ඔබ වැඩ කල්දාලා තියෙනවා නම් , ඔබ ඔබේ ජීව්තේ වැරදි තීරණ අරගෙන තියෙනවා නම් , ඔබ අතින් ඔබටම පාඩූ වෙලා තියෙනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ නැ ඔබ ඉන්නේ පරාජිතයන්ගේ ලැයිස්තුවේ කියලා.

ඉතින් සාර්ථක වෙනවා කියන්නෙ සාමාන්‍ය දෙයක් නෙමෙයි. සාර්ථකත්වය කියන්නෙ ගොඩක් මිනිස්සු අත් දකින දේකුත් නෙමෙයි. ඔබට සාර්ථකත්වය අත් දකින්න ඕන නම්  , ඔබ එයට උත්සාහ කරනවා නම් ඔබට සිද්ධ වෙනවා ඔබෙි මොළය නැවත සකස් කරන්න. සාර්ථකත්වය අත්දකින්න පහසු වෙන විදියට. මෙි ලස්සන කතාව කියන්නේ රෝරිිය බේග් නමි කතුවරයා සම්මුඛ පරීක්ෂණයකදියි. අප තවමත් ජීව්තේ සැලකිය යුතු අභියෝග වලට මුහුණ දීලා නැත්නම් , අපි අපේ සුවපහසු කලාපයෙන් තවමත් එළියට ගිහින් නැත්නම් අපේ ජීව්තේ තවම එකම තැන. 
අපට තවම හිතෙනවා නම් කරන කිසි දෙයක් හරියන්නැ කියලා. අපි තාම ඉන්නේ අපේ මොළයේ මූලික තත්වයේ. ඒ කියන්නෙ අපි අපේ මොළය වෙනස් කර ගන්න ඔින කියලා. මේක වෙනස් විදියට කිව්වොත් පුද්ගලයෙක් , රටක් ,ජාතියක දියුණු වෙන්න ඔින නම් ඒ අයට තියෙන්න ඔින වර්ධන මානසිකවයක්. මොළය වර්ධනය වෙන මිනිස්සු නිතරම දේවල් ඉගෙන ගන්නවා. අත්දැකීම් ගන්නවා මෙන්ම මොළය  වර්ධනය කරමින් ඉන්නවා. වැටුනම ඉගෙන ගන්නවා. නිතරම අලුත් වෙනවා. 
නමුත් ඔබට තියෙන්නෙ දියුණුවට පටහැනි මානසිකවයක් නම් ඔබ කොච්චර අභියෝග වලට මුහුණ දුන්නත් , අත්දැකීම් ගත්තත් ඒවාගෙන් ඉගෙන ගන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ අය වැටෙනවා. වැටෙනවා. ආය වැටෙනවා. සියල්ල වෙන්නේ දෛවය ට කියලා හිතාගෙන ඉන්නවා. එතකොට මොකද වෙන්නේ එයාලා දුර්වල වෙනවා. ඔවුන් මොළය නැවත සකස් කරන්නේ නැ. අලුත් කරන්නේ නැ. මොළය වර්ධනය වෙන්නේ නැ. හැබැයි එයින් කියවෙන් නැ ඔබ වැරැද්දක් කරනවා කියලා. අපේ ජීව්තේ එක තැන තියා ගැනීම හෝ ඉදිරියට අරන් යාම ඔබගේ තෝරාගැනීමක්. හැබැයි ඔබ වෙනස් වෙන්න සූදානම් නැත්නම් ඔබ⁣ තේරැම් ගත යුතුයි. ඔබට එක තැන ඉන්න සිද්ධ වෙනවා කියන එකයි. හැබැයි ඔබේ අරමුණ වෙනස් වෙන එක නම් ඔබේ මොළය වෙනස් කල යුතුයි. 
අපි කොහොමද මේක කරන්නේ INC කියන වෙබ් අඩවියේ කේවීන් ඩෝම් කතුවරයා ලියලා තියෙනවා මේ දියුණු වෙන්න හැකියාව තියෙන මිනිස්සු ට දියුණු වෙන්න දෙන්න දෙන්නේ නැතුව එකම තැන තියාගෙන ඉන්න අප මොළය විසින්ම කරන දේවල් කිහිපයක් ගැන. ඔහු කියනවා මොළය අපේ හොදම මිතුරා වෙන්නත් පුළුවන් අපේ නරකම සතුරා වෙන්නත් පුළුවන්.  මෙන්න මේ කාරණා පිලිබදව දැනුවත් වීම ඉතා වැදගත්. 

සිබෙස්තියන් බෙීලී  මොළය පිලිබදව අධ්‍යනය කල විද්වතා සදහන් කරලා තියෙනවා. අපේ හිර වෙච්ච සිතුවිලි කඩාගෙන ඉදිරියට යන්නේ කොහොමද ? කියලා. 

01) ඔබ හිතනවා මීට වඩා දේවල් ඔබට හොදට කරන්න බැ කියලා.
උදාහරණයක් ලෙස ඔබ කාර්යාලයේ හෝ ඔබ විශ්ව ව්ද්‍යාලයේ අලුත් වැඩක් කරන්න බාර දුන්නොත් ඔබ මුලින්ම හිතන්නේ මෙහෙමයි.

A) මේක නම් මට කරන්න බැ. මේක කරන උපතින්ම හැකියාවක්  මට ලැබ්ලා නැ. 

B) මං මේක කරන්න හුගක් මහන්සි උනා. තව ට්කක් උත්සාහ කලොත් කරන්න බැරි වෙන එකක් නැ. 

ඉතින් ඔබ තෝර ගන්නේ A නම් ඔබට තියෙන්නෙ ස්ථාවර මානසික තත්වයක් නම් ඔබ හිතනවා උපතින්ම ලැබෙන ලොකු බුද්ධියක් නැතුව මේක කරන්න බැ කියලා. හැබැයි ඔබ තෝර ගන්නේ B නම් ඔබ හිතනවා සැලකිය යුතු උත්සාහයක් එක්ක ඔබ අලුත් අභියෝගයක් ජය ගන්න ඔබට පුළුවන් කියලා. අපි මේ තුලින් අභියෝග වලට මුහුණ දෙන්න වර්ධන මානසික තත්වයකට යන්න පුරැදු වෙනවා. 

02) ඔබේ මතකයන් වලට ඔබව රවට්ටන්න ⁣ඉඩ දෙනවා.

උදාහරණයක් ලෙස මේ ලෝකේ මිනිස්සු වැඩ්පුරම මැරෙන්නේ මොරෑ හින්දද? අශ්වයෝ හින්දද කියලා අපි ගැටලුවක් අහනවා.

ඔබ දැන් මතක් කරලා බලනවා පුවත් මතකද කියලා . නමුත් ඔබට මතකයට එන්නේ නැ. අශ්වයෝ පහර දීලා මිනිස්සු මිය ගියා කියලා. ඔබ ඔබේ මතකයට අනුව නිගමනයට එනවා. මොරෑ නිසා වැඩ්පුරම ම්නිසුන් මැරෙනවා කියලා. ඔබේ මොළය ව්සින් ඔබව රවට්ටලා. ඇත්තටම හොයලා බැලුවොත් ලෝකයේ වැඩ්පුරම මිනිස්සු මැරෙන්නේ අශ්වයෝ පහර දීලා. ⁣මේකත් අපෙ මොළයේ එක් අවස්ථාවක්. අප වර්ධනය නොවන. අපිට වැඩිපුරම මතක අපි ජීව්තේ පරාජය ලැබූ අවස්ථා නම් ඔබ හිතනවා ඔබ පරාජිතයෙක් කියලා. දුර්වලයි කියලා. නමුත් ඔබ හොදට මතක් කරලා බැලුවොත් ඔබ ජය ගත් අවස්ථා කෝටීයක් ව්තර ඇති.  මේවා මානසිකව කරන තාර්කික වැරදි ලෙස හදුන්වනවා. නමුත් ඔබේ ජීව්තේ සුව පහසු තැනකට ගෙනියන්න ඕන නම් ඔබට මේ දේ ඉවත් කරන්න වෙනවා.

ඉලෝන් මස්ක් එක සම්මුඛ සාකච්ඡාවකදි කියනවා. මෙය අපත් තවමත් කරනවා ඉලෝන් මස්ක් මහතාත් අතින් පවා තවම වන වරදක්. අපි හිතනවා යම් දෙයක් ඇත්තක් කියලා. ඇත්තක්  නොව්නත්. 

උදාහරණයක් ලෙස ඔබට අවශ්‍යයි සුරංගනාව්යෝ මෙි ලෝකේ ඉන්නවා කියලා විශ්වාස කරන්න. ඔවුන් මේ ලෝකේ හිට්යෙ නැතත්.
ඔබට අවශ්‍යයි හැර ගිය පෙම්වතා ඔබට තවම ආදරේ කියලා විස්වාස කරන්න. නමුත් ඔහු වෙන පෙම්වතිය පෙම්වතියකට දැන් කට දැන් ආදරේ කරනවා. මේකෙන් වෙන්නේ ඔබට යථාර්ථයට මුහුණ දෙන්න බැරි වෙන එක.   

03) ඔබ ඕනවට වඩා ඉක්මනින් ගමන අතාරිනවා.

ඔබ ඔබේ ගමන දුශ්කර වෙද්දී මොකද කරන්නේ පලා යනවද? සටන් කරනවද? 
විශේෂයෙන්ම මැරතන් ධාවකයෙක්ට  දේශපාලන  කටයුතු වලදි  සහ ව්‍යවසායකයෙක්ට තියෙන විශේෂ ශක්තියක් තියෙනවා. ගමන අමාරැ ⁣වෙනකොට ඔවුන් අමතර ශක්තියක් හොයා ගන්නවා ඒ ගමනේ එල්ලිලා ඉන්න. මේ තත්වයට එන්න ඔබ වැඩක් පටන් ගත්තම ඉවර කරන කල් ඒ කැපවීම පවත්ව ගන්න ඕන. දෙයක් වැරදුනම හිටපු තැනට ඇව්ත් ආය වැඩ කරන්න මානසික ශක්තියක් තියෙන්න ඕන. තිරසාර උත්සාහයක් තියෙන්න ඕන. පුහුණු වෙන්න ඔින. කාලයත් එක්ක වැඩ් දියුණු වෙන්න ආශාවක් තියෙන්න ඕන. ඉතින් අතාරින්න හිතෙනකොට මතක් කර ගන්න අද කැපවීම හෙට ජය නියත බව. 

04) ඔබ ඕනවට වඩා ඔබෙි පහසුව ගැන හිතනවා.

අප හැම වෙලාවකම හිතනවා ආතතිය අපට හොද නැ කියලා. හැබැයි සෞඛ්‍ය සම්පන්න තත්වයක ආතතියක් වින්දට ගැටලුවක් නැ. අපේ දියුණුව වෙනුවෙන්. ඔබ ඔබේ පහසුව ගැන හිතලා කිසි දෙයක් කරන් නැත්නම් , ශක්තියක් කැපවීමක් වැය කරන් නැත්නම් ඔබ ඔබේ පහසුව ගැන හිතන කෙනෙක්. 
හැබැයි මෙි ආතතිය එන්නේ අපේ අනාගතේ දියුණු වෙන්න යන්නේ කියන මානසිකවයත් එක්ක. අපට රැකියාවේ උසස් වීමක් ලැබෙනවා කියලා හිතද්දි ,අපි රැකියාවේ ඉහළට යනවා කියලා හිතද්දි, අපි ලස්සන දර්ශනයක් බලන්න කියන සතුට එක්ක කන්දක් නගිද්දි, අනිත් අයටත් උදව් කරගෙන ජීවත් වෙන්න පුළුවන් කියන සැනසිලිදායක මානසික තත්වය ගැන හිතලා වැඩ කරද්දි ඔබට සෞඛ්‍ය සම්පන්න ආතතිය දැක ගන්න පුළුවන්. මේ ආතතිය තමයි අපිව සුව පහසු කලාපයෙක් එළියට අරන් යන්නේ.

05) ඔබ ඔබට ඉතාම දැඩ්යි.
උදාහරණයක් ලෙස ඔබ සම්මුඛ පරික්ෂණයකට යනවා. ඔබ එයට හොදට මුහුණ දෙනවා. ඔබට ව්ශ්වාසයි ඔබ මේ රැකියාවට සුදුසුකම් ලබනවාම කියලා. හැබැයි සතියකට පස්සේ ඔබට දැන ගන්න ලැබෙනවා ඒ තනතුරට වෙන කෙනෙක්ව ගත්තා කියලා. 
දැන් ඔබ මෙහෙම හිතයි.

A) මං හිතුවා හරි මට කවදාවත් ජොබි එකක් ලැබෙන් නැ.
B) මාව තව පුහුණු කරන්න ඔින. තව ටට්කක් පුහුණු කලොත් රස්සාවක් හොයා ගන්න බැරි වෙන එකක්ම නැ.
A අකුරෙන් ඇති වන තත්වය සාමන්‍යයි. හැබැයි ඔබට පුළුවන් නම් B අකුරේ තත්වයට ඔබව වෙනස් කරන්න ඒක හරියට වීදූරැ බදුනක් බිදුනම ඒක නැවත සකස් කරන්න ජපන් ජාතිකයන් භාව්තා කරන කිංචුකි ශිල්පය වගෙයි. එහෙම  භාජනයක් බිදුනම එයාලා නැවත එය පිලිසකර කරනවා. ඉරි තැලුණු තැන් වලට රත්තරං ආලේප කරනවා. අවසානයේ නරක අත්දැකීමෙන් පස්සේ වට්නාකම හිතා ගන්න බැරි විදියට වැඩ් වෙනවා. 
පරාජයකට මුහුණ දුන්නම  ඒක අත්දැකීමක් කර ගන්න. නැවත උත්සාහ කරන්න හොද අවස්ථාවක් කර ගන්න. ඒ ජොබි එකට වඩා හොද ජොබි එකක් හොයා ගන්න ඔබට අවස්ථාව ලැබුනා කියලා හිතන්න. අමාරැ හැගීමක් ආවම පසු බසින එක නතර කර ගන්න. හිත සුවපත් වෙන්න දෙන්න. ඔබට කරැණාවන්ත වෙන්න. සතුටින් ඉන්න අනාගතයක් ගැන හීන දකින්න. අඩුපාඩු හිඩැස් වහලා දාන්න. දියුණු වීමේ හැකියාවට මෙි කරැනු ට්ක ඔබේ මොළයට ගන්න. ඉදිරියට ඔබට එන අභියෝග වලට ඒ ව්දියට මුහුණ දෙන්න.

රෝස පදුරේ කටු තියෙනවා කියලා හිතලා දුක් වෙනවා නෙමෙයි. කටු පදුරෙත් රෝස මල් පිපෙනවා නේද කියලා හිතන්න. 

ඔබට ජය 💪❤️

සාර්ථකත්වයට යන ගමනෙදි මොකක්ද ඔබව නවත්තන්නේ?

මට කියන්න.ඔබට හොදටම මහන්සි ද? ඔබට නිදා ගන්න වෙලාවක් නැද්ද? ඔබට උවමානා තරම් ශක්තිය නැද්ද? ඔබට කාලය මදිද? ඒකද ඔබව නවත්වගෙන ඉන්නේ. ඔබට සාර්ථක ව...