Friday 30 June 2023

යකෙක් වගේ වැඩ කරමුද?

 

හැම කෙනාටම ඔින යකෙක් වගේ වැඩ කරලා සාර්ථක වෙන්න. හැම කෙනාටම ඕන අංක එක වෙන්න. හැමෝටම ඕන හොදම කෙනා වෙන්න. හැම කෙනාටම ඕන සාර්ථක වෙන්න. හැමෝටම ඕන වැඩ කරනවා කියලා දැනෙන හැගීම ගන්න. හැබැයි හැමෝටම ඕන කියනවා ව්තරයි. කවුරුත් කරන් නැ. හිතන්න මෙහෙම ඔයා ඇහැරෙනවා පාන්දර හතරට. හැබැයි ඔයා ඇහැරැනා අද තුනයි හතලිස් පහට. ඒත් මොකද වෙන්නේ ඔයා බෙඩ් ශීට් එක පොරව ගෙන තව විනාඩ් පහලවයි කියලා නිදා ගත්තම. ඒත් ඔයාගේ ඇතුලේ අර සාර්ථක වෙන්න දගලන එකා ඉන්නවා නම්. ඌ කියනවා උඹ විනාඩ් පහලොව නිදා ගත්තොත් ආයෙත් ඇහැරෙන්නේ නැහැ. දැන් නිදා ගත්තොත් ඇහැරෙන්නේ හයත් පහුවෙලා. හොදට මතක තියා ගන්න. නැගිටිනවා නම් මේ දැන්ම ඇහැරෙන්න. ඒ විනාඩ් පහලොව තමයි ඔයාගේ ජීව්තය. ඒ විනාඩ් පහලොව තමයි ඔයාලව ඉස්සරහට එක්කන් යනවද? පස්සට ඇදලා දානවද කියලා තීරණය කරන්නේ. ඔයා මොකද කරන්නේ? ඔයාගේ හීන ඔක්කොම පස්සට ඇදලා දානවද? ඔයාගේ මුළු ජීව්ත කාලේම හීන දැක්ක දේවල් වලට යන්න පාර තියෙන්නෙ එතන. ඔයා ගොඩක් ලගයි. ඒ විනාඩ් පහලොව තමයි ඔයාව ඉස්සරහට අරන් යන්නේ. එහෙනම් මොකාද එකෙක් වගෙ ඔලුවේ ඉදන් පොරවගෙන ඉදලා හරියනවද? මතක තියා ගන්න ඔයා හතරට ඇහැරෙද්දි. තව අය තුනට ඇහැරිලා එයාලගේ හීන වෙනුවෙන් වැඩ කරනවා. ඔයා එතකොට විනාඩ් පහලොවක් පරක්කු යි. මට ඕන ඔයා යකෙක් වගේ වැඩ කරන්න . ඉලක්කය වෙනුවෙන් නැහීගෙන් වැඩ කරන්න. 

හැමෝම මොනවා හරි දෙයක් වෙනුවෙන් පොරබදිනවා. ඒත් ඒ හැමෝටම ඒ දේවල් ලගා කරන්න ගන්න වෙන් නැහැ. මතක තියා ගන්න ඔයාට යකෙක් වගේ වැඩ කරන්න පුළුවන් නම් ඔයා දිනනවාමයි. ඔයාට දියමන්තියක් වගේ ඔයාගේ වටිනාකම වැඩ් කර ගන්න ඔින නම් ඔයාගේ මුළු හැසිරීමම වෙනස් කර ගන්න වෙනවා. පිටස්තර සම්බන්ධතා, ඔයාගේ කාලය ගත කරන සියල්ල එයට යටයි. ඔයාට ඒ හැම දෙයක්ම වෙනස් කර ගන්න වෙනවා. ඔයාට වෙනස් වෙන්න බැරි නමි අකුලන් යන්න තමයි වෙන්නේ. වෙනස් වෙන්න බැරි අයට මේ ගේම ගහන්න බැහැ. මේ ගේමි එක දිනන්නේ යක්කු වගේ වැඩ කරන අය ව්තරයි. ඔයාගේ ඉලක්කය පස්සේ ම පන්නන්න. වැඩ කරන්න. විස්වාස කරන්න ඔයාව. ඔයාට ඕන හැම දෙයක්ම ඔයා ලගා කර ගන්නවා කියලා. සිගිති ලෝක වලින් එලියට එන්න. මේක වැඩ්ඩෝ රගන තැනක් මිසක් නිකං ඉදලා ගොඩ යන්න පුළුවන් තැනක් නෙමෙයි. කැප කරන්න ඔයාගේ අද දවස ඔයාගේ හෙට දවස වෙනුවෙන්. 

ඔයා අමාරැ සබිජෙක්ට් එක කටි කරනවද? එහෙනම් කොහොමද මනුස්සයෝ සාර්ථක වෙන්නේ අමාරැම දේවල් skip කරලා.  කවදාහරි කෙලවෙන්නෙත් ඒ දේවල් නිසාමයි. ඒක හොදට මතක තියා ගන්න.  ඔයාට අමාරැ සබිජෙක්ට් එකට තව මහන්සි වෙන්න. පොත් හොයාගෙන කියවන්න. ඒ වෙනුවෙන් දිගටම වැඩ කරන්න. පරදින පරදින වාරයක් ගානේ ආය නැගී සිටින්න. තැලෙන්න තැලෙන්න මුවහත් වෙන්න. ගිහිල්ලා clz එකේ පලවෙනියා වෙන්න. පටන් ගන්න ඔයාගේ බිස්නස් එක. ගන්න ඒ ගැම්ම. මට කියවිලි කාරයන්ගේ කියවිලි ඇහිලා ඇතිිවෙලා.  මම සාර්ථක වෙනවා අරකද මේකද ගගා. සාර්ථක වෙනවා නමි වෙලා පෙන්නන්න. උදේ ඇහැරිලා පොඩි නැප් එකක් දානවද? ඒක නෙමෙයි යකෙක් වගේ වැඩ කරනවා කියන්නේ.   පටන් ගත්ත දේ ඉවර කරලා නිදා ගන්න. සාර්ථකත්වය කවදාවත් පොලේ සේල් දාලා විකුණන් නැහැ. ඒක පොළව හාරලා ගන්න මැණික් ගලක් වගේ. මම අභියෝග කරනවා අද ඉදලා වැඩියෙන් මහන්සි වෙලා වැඩ කරන්න. 

ඔබට ජය ✌ 

8 comments:

සාර්ථකත්වයට යන ගමනෙදි මොකක්ද ඔබව නවත්තන්නේ?

මට කියන්න.ඔබට හොදටම මහන්සි ද? ඔබට නිදා ගන්න වෙලාවක් නැද්ද? ඔබට උවමානා තරම් ශක්තිය නැද්ද? ඔබට කාලය මදිද? ඒකද ඔබව නවත්වගෙන ඉන්නේ. ඔබට සාර්ථක ව...