එක දවසක් ඩැනියල් ගෝල්මන් මහතා එතුමාගේ දේශනයකදි කතාවක් කියනවා. එතුමට යාලුවෙක් ඉන්නවා. එතුමගේ ව්නෝදාංශය තමයි පොත් කියවන එක. හරියට පොත් කියවනවා. දවසක් මහාචාර්ය තුමාට කෝල් එකක් එනවා මේ යාලුවා රිය අනතුරකට ලක් වෙලා කියලා. මහාචාර්යතුමා යනවා යාලුවාව බලන්න. ගිහින් බලද්දී මේ ආසාවෙන් පොත් කියවන යාලුවගේ එක් ඇහැක් අන්ධ වෙලා.මහාචාර්යතුමාට හරිම දුකයි. මහාචාර්යතුමා යාලුවාගෙන් අහනවා දැන් ඉතින් පොත් කියවන්නත් අමාරැයි නේද ඔහොම කියලා. දන්නවද යාලුවා මොකද කිව්වේ කියලා .
එක ඇහැයිනේ පේන් නැත්තේ . අනිත් ඇහැ මට හොදට පේනවා. මට හොදට පොත් කියවන්න පුළුවන්. ඔහොම කාලය ගත වෙනවා. ආය ට්ක කාලයකින් යාලුවව බලන්න මහමහාචාර්යතුමා යනවා. ඒ යද්දී යාලුවගේ අනිත් ඇහැත් අන්ධ වෙලා. දැන් පොතක් පතක් වත් කියවන්න බැනේ මහාචාර්ය වරයා කියනවා. එතකොට ලැබුනේ පුදුම උත්තරයක්. නැ ගැටලුවක් නැ. ඇස් පේන් නැති උනාට කන් ඇහෙනවානේ. මට ඕඩියෝ බුක් අහන්න පුළුවන් නේ.මං මෙච්චරකල් මෙයට උත්සාහ නොකලේ අපරාදේ කියලා මට හිතුනා. මං දැන් එයට උත්සාහ කරනවා.
මේ වගේ අපිට අපේ පාලනයෙන් තොර දේවල් පාලනය කරන්න බැ. නමුත් අපට ඒ දේවල් වලට එකග වෙලා ඒවාට ව්කල්ප හොය ගෙන ගමන යන්න පුළුවන්. ඒක තමයි ස්වභාව දහම. ඔබ ඉගෙන ගත යුතු පලවෙනි පාඩම පාලනය කල නොහැකි දෑ හිතට එකගව පිලි ගැනීම පලවෙනි පාඩම.
දෙවන පාඩම් තමයි ආතතිය අඩු කර ගන්න පොඩ් ව්වේක කාලයක් හොයා ගන්න. හැම දවසක් ඇතුලෙම නිවාඩුවක් හොයා ගන්න. ඒක බස් එකේ අයිනේ යද්දි හෙඩ් සෙට් එක ගහගෙන සිංදුවක් අහන එක වෙන්න පුළුවන්. ඔපිස් එකේ දී ලැබෙන තේ එක වෙන් පුළුවන්.ගෙදර ඉන්න සුරතලා හුරතල් කරන වෙලාව වෙන්න පුළුවන්. උදේට හවසට ඉර පායන ඉර බහින එක බලන එක වෙන්න පුළුවන්. වලස්සුන්ට මේ පුරැද්ද තියෙනවා . ඔවුන් ඉර පායන ඉර බහින හැට් බලන් ඉන්නවා.
අපෙ ආතතී හෝමෝනය දහඩ්යත් එක්ක පිටතට යනවා. ඒක අප අවට තියෙනවා. එකම පරිසරයේ වැඩ කරලා . ආතතිය ට පුළුවන් කාන්තාවන් ගේ මාසික ඔසප් වීමත් මාස දෙකක ඔසප් වීම් එක මාසේකට ගේන්නත් පුළුවන්. එ ආතතිය අනෙක් අයටත් බලපානවා. එ නිසා අපේ ආතතිය අප පිට කර ගත යුතුයි. ලග ඉන්න අයට ආතතිය ඇති නොවෙන්න වග බලා ගන්න. උදව් කරන්න.
ලස්සන සෙං කියමනක් තියෙනවා. සංසුන් බව යනු ඔබයි. ආතතිය යනු ඔබට පත් වීමට අවශ්‍ය දෙයයි. සංසුන් බව ලගා කර ගන්න පුළුවන් යමක් ඔබ අවට තමා ගන්න. ඔබ ජලයට කැමති නම් පරිගණක තිරයට ජලයේ, ඇල, දොළ වල පින්තූරයක් දා ගන්න. ඔබ ආදරය කරන කෙනෙක්ගේ පින්තූරයක් ඔබ අවට තියා ගන්න. එවිට ඔබ සංසුන් වෙනවා. ආතතිය අඩු වෙනවා.
ඊලග කාරණය ඔබ උදේ නැගිටලා පලවෙනි විනාඩ් විස්ස ඇතුලත ෆෝන් එක අතට ගන්න එපා. මේ වෙලාවේ අප කරන දේවල් මුළු දවසටම බලපානවා. ෆෝන් එක අතට ගත්තම එක එක සෘණාත්මක අදහස් ඔබේ ඔලුවට යනවා. ඩැනියල් ගෝල්මන් මහාචාර්යතුමා තමන්ගේ පර්යේෂණයක සමාජිකයන්ට වැඩක් කරන්න දී. පැයකට වරක් ෆෝන් එකට නොට්ෆිකේශන් එකක් යවා වැඩේ අවදානය තියෙනවා ද බැලුවා. නැ අවදානය තිබිලා තියෙන්නෙ ෆෝන් එකේ. අපි ගොඩක් ආතතියට පත් වෙන්නේ අපේ වැඩ හරියට කර ගන්න බැරි උනාම. අපේ අවදානය ගිලිහිලා එක එක පැත්තට ගියහම. අපට අවශ්‍ය තැන අපේ අවදානය තියා ගන්න එක ලොකු යුද්ධයක්.
ආතතිය පිට කිරීම හරහා ආතතිය කලමණාකරණය කල හැකියි. ස්විඩනයේ තියෙනවා ෆොක්ස්ටා කියලා කැම්පස් එකක්. එහි හරි අමුතු සංස්කෘතියක් තියෙනවා. ඒ ලමයි රැ දහයට ජනෙල් ඇරලා එලියට ගිහින් හය්යෙක් කෑ ගහනවා. ඔවුන් ආතතිය පිට කර ගන්නයි එහෙම කරන්නේ. 1970 ඉදලා ඔවුන් මේක කරනවා. කාට හරි අපිට අපේ ආතතිය කියන්න පුළුවන්. ආතතිය පිට කර ගන්න හොදම විදිය අප තෝරා ගත යුතුයි. පොතක් හොයාගෙන ලියන්න පුළුවන්. ලියලා ලියලා ලියලා ආතතිය පිට කරන්න.නිවාඩුවක් ගන්න. ආතතිය පිට නොවී ශරිරයේ තීබීම ශාරීරික ගැටලුවක් වෙනවා.
ස්නායු පද්ධතිය සංසුන් කර ගන්න. අපේ ආතතිය ට මොළය විතරක් නෙමෙයි හදවතත් වේගයෙන් ගැහෙනවා. නොනවත්වාම හිතනවා. එලියෙන් සහ ඇතුලෙන් එන ආතතිය එක්ක ඔබ ඉන්නේ. මේ අවස්ථාවේ ඉක්මනින් කේන්තී යනවා. තාර්කිකව තීරණ ගන්න උදව් කරන්නේ අපේ ස්නායු පද්ධතිය. ස්නායු පද්ධතිය සංසුන් කර ගන්න අපට පුළුවන් වෙන්න ඕන. බය , කල්පනා කරන්න බැරි ගතිය එවිට දැනෙනවා. එතකොට අපි වැඩ කරන්නේ පොඩ් ළමයෙක් වගේ. කෑ ගහනවා, බනිනවා. කූල් වතුර ට්කකින් මුහුණ ට්කක් හෝද ගන්න. ගැඹුරු හුස්මක් අරගෙන ඒක පිට කරන්න.මොනවා හරි කන්න. පොඩ් නින්දකට යන්න. භාවනා කරන්න. යෝගා කරන්න.එලියට ගිහින් ඇවිදලා එන්න.ආය සතුටින් වැඩ කරන්න. ස්නායු පද්ධතිය සංසුන් කරා ම ආතතිය පරාජය කරන්න පුළුවන්. ට්ක ට්ක පුරැදු කරන්න. සංසුන් බව ඔබයි.
ඔබට ජය 💪❤️
Great 😍
ReplyDelete🥰🥰
ReplyDelete🥰great
ReplyDelete❤
ReplyDelete