ඔයා හිතනවද? කාටවත් ඔයාව වටින් නැ . කවුරුත් ඔයාව ගනන් ගන් නැ. ඔයාව හැමෝම ප්‍රතික්ෂේප කරනවා. ඔයාව කවුරුත් ගනන් ගන් නැ කියලා. හිතන්න රැපියල් දාහක් අරන් ඔයා කඩේට යනවා. ගන්නවා රැපියල් නමසීයක බඩුවක්. ඔයාට ඒ දාහෙන් ගෙවන්න පුළුවන් නේද? ඔයා ගන්නවා නමසිය අනූනමයට තියෙන බඩුවක් ඒත් ඔයාට ගෙවන්න පුළුවන් නේද? ඒත් ඔයාට ගන්න පුළුවන් නේද? ඔයා රැපියල් දාහ ගුලි කරනවා. දැන් ඔයා ගුලි කරා කියලා රැපියල් දාහේ වටිනාකම අඩු උනාද? ඔයා ඒ දාහ කිළිට් කරනවා බිම දාලා පාගනවා. දැන් වට්නාකම කීයයි කියලද හිතන්නේ. ඔයා ඒ දාහ කිළිට් කරලා විසික් කරනවා. ඒක අහුල ගන්නවා වෙන කෙනෙක්. දැන් එකේ දාහේ නෝට්ටුවේ වට්නාකම කීයද? දාහ කිළිට් කරලා දෙකට මැදින් ඉරනවා. දැන් වට්නාකම කීයයි කියලද හිතන්නේ? වට්නාකමක් නැද්ද ? ඔයාට පුළුවන් දාහ මැද්දෙන් ටෙිප් එකක් ගහලා අර නමසිය අනූ නමයේ භාණ්ඩය ගන්න. ඔයා ඉරැවා , පෑගුවා කියලා වට්නාකම අඩු උනාද? නැ නේද?
එහෙනම් ඇයි ඔයා හිතන්නේ ඔයාගේ වට්නාකම අඩු උනා කියලා. ඔයා ප්‍රතික්ෂේප වුනා , ඔයාව මග හැරියා කියලා ඔයාගේ වටිනාකම අඩු වුනා කියලා හිතන්නේ ඇයි? ඔයාව කවුරැහරි රිද්දුවා , ඔයාගේ ආදරවන්තයා දාලා ගියා , ඔයාගේ ව්‍යාපාරය ආසාර්ථක වුනා කියලා හිතන්නේ ඇයි? ඔයා එක්ක ලගින්ම ඉදපු අය දාලා ගියා , ඔයා කොන් වුනා, ඔයාගෙන් අනිත් අය ප්‍රයෝජන ගත්තා කියලා හිතෙනවද? ඔයාගේ වට්නාකම මෙි දේවල් නිසා අඩු වුනා කියලා හිතෙනවද? මතක තියා ගන්න ඔයාගේ හිතත් කොච්චර කැඩුනත් බිදුනත් ඉරිච්ච දාහට ටෙිප් කෑල්ල ගහලා වටිනාකම නැවත ලැබුනා වගේ. ඔයා ඔයාගේ කැඩුණු බිදුණු තැන් ගම් ගාලා අලවන්න. ඔයා තීරණය කරන්න ඔයාගේ වටිනාකම . ඒක තීරණය කරන්න පුළුවන් ඔයාට ව්තරයි. නැගිට්න්න උත්සාහ කරන්න. ඔයාගේ වටිනාකම තීරණය කරන්න. ඔයා අත්හරින්න ඔන්න මෙන්න වෙන්න ඇති. ඔයාට ජීව්තේ එපා වෙලා ඇති. ජීව්තේ අතාරින්න ඔන්න මෙන්න වෙන්න ඇති. මානසික ආතතිය ඇති. හැබැයි මතක තියා ගන්න මේ කිසි දේකට බැ ඔයාගේ වටිනාකම අඩු කරන්න. ඔයා ඔයාගේ ගමන යන්න. ඔයාගේ ඉලක්කයට යන්න. කිසිම මොහොතක ඔයාව අවතක්සේරු කරන්න එපා. ඔයාගේ වටිනාකම ඔයා තීරණය කරන්න.
ඔයාව ගොඩක් වටිනවා. ඔයාව පරිස්සම් කර ගන්න.
ඔබට ජය !
🥰🥰
ReplyDelete✨️✍️
ReplyDelete❤️❤️
ReplyDelete❤️
ReplyDelete❤️
ReplyDelete❤❤
ReplyDelete❤️
ReplyDelete❤❤❤
ReplyDelete