Tuesday 30 May 2023

කවුද මේ යකඩ ගැහැනිය?

 

ඇය නමින් මුනිබා මසාරි. 1987 වර්ෂයේ මාර්තු මස තුන්වන දින පාකිස්තානයේ රහීම් යාර් ඛාන් නගරයේ ඇය උපත ලබනවා. තද නීති වලින් සැදුම් ලත් ,පියාගේ තීරණය අවසන් තීරණය වන සාම්ප්‍රදායික පවුලක  දියණියක් වූ ඇයට අධ්‍යාපනය අවසන් කලා.වහාම විවාහ වන්නට සිදු වෙනවා. මේ අතර පාකිස්තානයේ හිටපු  ගුවන් හමුදා නියමුවරයෙක් වන කුරාම් ෂාසාඩ් සමඟ වයස අවුරුදු 18 දී විවාහ වන මුනිබාට එය එදා සතුටුදායක විවාහයක් වුනේ නෑ.

කාලය ඔහොම ගත වෙනවා. විවාහයෙන් වසර දෙකකට පසු එනම් 2008 පෙබරවාරි මස 27 වනදා මුනිබාට දෛවපෝගත ඉරණමකට මුහුණදෙන්න සිදුවෙනවා. සැමියා සමඟ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින විට ඔහුට නින්ද යෑම හේතුවෙන් පාලනයෙන් ගිලිහුණු මෝටර් රථය ප්‍රපාතයකින් පහලට පෙරලී යනවා.පෙරලී යන මෝටර් රථයෙන් මුනිබාගේ සැමියා වන කුරාම් කෙසේ හෝ එළියට පැන ගත්තත් මුනිබා රථය තුල සිර වෙනවා.හදිසි මෙහෙයුම් කණ්ඩායම් පැමිණ ඇයව බේරාගැනීමට උත්සහ කළත් එය සිතූ තරම් ලේසි පහසු කටයුත්තක් වන්නෙ නෑ. අනතුරට පත්වූ රථයෙන් ඉතා අසීරුවෙන් ගලවා ගත් මුනිබා ඒ වනවිටත් දරුණු තුවාල ලබා තිබුණා.ඇගේ අතේ අස්ථි ,ඉළ ඇට , උරහිස් සහ කොඳු ඇට පෙළට දරුණු ලෙස හානිවී තිබුණා. එමෙන්ම ඇගේ පෙනහලු හා අක්මාද අභ්‍යන්තරයෙන් කැපී තිබුණු බව වෛද්‍යවරුන් පවසා තිබෙනවා.

මේ අතර අවුරුදු දෙකක් පුරා රෝහල් කාමරයේ දිවි ගෙවූ මුනිබා තමන්ගේ ඒ අඳුරු අත්දැකීම විස්තර කරන්නෙ මෙලෙසින්.
පළමුවෙනි දවසේ වෛද්‍යවරයා මගෙ ළඟට ඇවිත් කිව්වා ඔයා චිත්‍ර ශිල්පිනියක් කියලා මට දැනගන්න ලැබුණා.ඒත් කියන්න කණගාටුයි ඔයාට ආයෙ කවදාවත් චිත්‍ර අඳින්න වෙන්නෙ නෑ කියලා.ඒ වේදනාව මම දරාගත්තා. දෙවනි දවසේ වෛද්‍යවරයා ඇවිත් කිව්ව ඔයාගෙ සුෂුම්නාවට සහ කශේරුකාවට වෙච්ච හානිය නිසා කවදාවත් ඔයාට ඇවිදින්න බෑ කියලා. ඒ වේදනාවත් මම දරාගත්තා. තුන්වෙනි දවසේ වෛද්‍යවරයා ඇවිත් කිව්ව ඔයාට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ කියලා.ඒත් ඒ වේදනාව දරාගන්න මට බැරි වුණා.

වසර දෙකක් ගිලන් ඇඳ මත සිටින මුනිබාට වෛද්‍යවරුන් විසින් භෞත චිකිත්සාව ආරම්භ කිරීමෙන් පසුව ඇයට රෝද පුටුවක් භාවිතා කිරිමට තරම් සුවයක් ලැබෙනවා. ඇයට ඇගේ සුන්දර වූ තාරුණ්‍යය අංශභාග රෝගියෙක් ලෙසයි ගත කරන්නට සිදුවන්නේ.

අනතුරෙන් වසර කීපයකට පසුව ඇයට දරුවෙකුගේ අවශ්‍යතාවය තදින්ම දැනෙනවා. ඒ නිසාම ඇය අසරණ දරුවන්ට රැකවරණය දෙන සංවිධාන වල ලියාපදිංචි වෙනවා.දිනක් එවන් සංවිධානයකින් ඇයට ඇමතුමක් ලැබෙනවා. ඒ කුඩා පිරිමි දරුවෙක් සිටින බව කියමින්.ඇය වහාම එහි ගියත් ඇයව දුටු විගසම ඔහු තැතිගැන්වෙනවා .කෙසේ හෝ ” නීල් ” නැමති සුරතල් පිරිමි දරුවාගෙ මව වන්නට මුනිබාට වාසනාව හිමි වෙනවා.

අකාරුණික ලෙස ලියවී තිබූ දෛවය වෙනස් කරන්නට සිතමින් මුනිබා ඇය ආදරය කලා වූ චිත්‍ර කලාවටද නැවත යොමු වෙනවා.රෝද පුටුවක දිවි ගෙවන්නට සිදු වූවත් ඇය විවිධ දේ සඳහා යොමු වීමට කාලය වැය කරනවා.
එලෙස විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ජනතාවගේ ආදරය දිනාගැනීමට මුනිබා සමත් වෙනවා. ඇය මෙන්ම ජිවිතය කඩාවැටුනු මිනිසුන්ට දිරිය දෙන ඇය දක්ෂ අභිප්‍රේරණ කථකයෙක් වෙනවා.
ලෝක ප්‍රකට රූපලාවණ්‍ය සන්නාමයක් වන” පොන්ඩ්ස්” විසින් ඇයව “යුගයේ ආශ්චර්යමත් කාන්තාව” ලෙසද නම් කරනවා. ඒ ඈ ලෝකයට පෙන්වූ දස්කම් නිසාවෙන්මයි.

එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයේ පාකිස්ථානු තානාපතිනිය වන්නේද මුනිබා යි. කුඩා කල පටන්ම පියාගෙ අණසකට යටත්ව සිටි මුනිබාට දැන් තම දෙපයින් නැගී සිටින්නට නොහැකි වුණත් ඇය නොපසුබට උත්සාහයෙන් ජීවිතයට මුහුණ දෙන ශක්තිමත් කාන්තාවක්. 

යම් දිනක ඔබට ඔබේ දෙපා අහිමි වුණොත්? නැතිනම් දෙපා පණ නැතිවී ජීවිත කාලයම රෝද පුටුවක් මත ගෙවන්න සිදු වුණොත්? ඔබට කුමක් සිතෙයිද? නිසැකවම ඔබට දැනෙයි ඔබ මුලු ජිවිතයම පරාජය උනා කියලා. ඇයත් එසේ අතහැර දැමුවා නමි මෙතරම් දියුණු තැනකට පැමිණෙන්නෙ නැත. ඇය කවදාවත් ඇය ආබාධිතයෙක් කියලා පිලිගත්තේ නැ. ජීව්තේ  කියන්නේ අපි හිතන්නේ වත් නැති දේවල් වෙන නවාතැනක්. හැබැයි දෛවයට අපිව නතර කරන්න අපි ඉඩ දෙනවද? ඇය අපට කියලා දෙනවා ඔරලෝසුවෙි කැරකෙන කටුවලට ගත වෙන කාලය කෙතරමි වට්නවද කියලා. මුනිබා කොතරම් බාධක තිබුණද නතර වූවාද? ඇය එලෙස නිදහසට කාරනා නොකියා මේ ගමන ගියාද සියල්ල ලැබී ඇති වාසනාවන්ත ඔබට ඔබේ ගමන නතර කරන්න ට අවසරය නැත. තටු හකුලා වැතිර සිට්න කුරැල්ලන් නොවෙමු. තටු ගසා දමා පියඹා ගොසින් හීන වලට පණ දෙමු. අපි අපේ ජීව්තේ සිදු වන සිදූවීමි වලින් අපෙ ජීවත කඩු පට්ටමි වෙනවා. නමුත් ඇය ලෝකයම බෑ කියද්දි ඇය නැවත නෑගී සිට්නවා. ඇය ඇයව විශ්වාස කරලා ⁣ඇගේ ආත්ම ශක්තියෙන් නැගී සිටියා. එබවින් ඇයව පකිස්තානයේ යකඩ ගැහැනිය ලෙස ලෝකයම අමතයි.



සෑම මොහොතකම ජීවත් වන්න .ඔබගේ මරණයට පෙර මිය නොයන්න
Live every moment .Don’ t die before your death

ඔබට ජය 💪❤️

8 comments:

සාර්ථකත්වයට යන ගමනෙදි මොකක්ද ඔබව නවත්තන්නේ?

මට කියන්න.ඔබට හොදටම මහන්සි ද? ඔබට නිදා ගන්න වෙලාවක් නැද්ද? ඔබට උවමානා තරම් ශක්තිය නැද්ද? ඔබට කාලය මදිද? ඒකද ඔබව නවත්වගෙන ඉන්නේ. ඔබට සාර්ථක ව...