නරක් වූ පලතුරැ ලග තියෙන ඉදුණු පලතුරැ ඉක්මනින් නරක් වෙනවා. ඒ වගේ තමයි සෘණාත්මක මිනිස්සු ලග ඉන්න ධනාත්මක ම්නිස්සු සෘණාත්මක කරන්න නරක් වුන පලතුරැ වගේ සෘණාත්මක ම්නිසුන්ට පුළුවන්. හීන වලට උණ තියෙන මිනිස්සු ලග නිතර ගැවසෙන්න. මං දන් නැ ඔබේ හීනය මොකක්ද කියලා. මට හිතා ගන්න බැ ඔබ ඒ හීන ඉටු කර ගන්න ගිහින් කොයි තරම් දුක් වින්දද කියලා. මේ මොහොතේ ඔබ කොයි තරම් කලකිරීමෙන්ද ඉන්නෙ කියලා. හැබැයි මං එක දෙයක් දන්නවා. ඔබේ හදවතේ හීනය ඒක හැබෑ වෙනවා.
ඔබ සමහරවිට දන්නවත් ඇති. ඒක අමාරැයි. ඒක ලේසී නෑ. ඔබේ ජීව්තය වෙනස් කරන එක අමාරැයී. ඔබේ හීනයට යන මෙහෙයුමේදී ඔබට ගොඩාක් දේවල් නැති වෙන්න පුළුවන්. ඔබ පැරදෙන්න පුළුවන්. ඔබට ලොකු වේදනාවක් දැනෙන්න පුළුවන්. ඔබට ඔබ ගැන තියෙන විස්වාසය නැති වෙන්න පුළුවන්. සමහරවිට ඔයා කියයි. දෙවියනේ ඇයි මටම මෙහෙම වෙන්නේ? කියලා. මං උත්සාහ කරන්නේ මගේ දෙමව්පියන්ගේ හීන ඉටු කරන්න නේද? මං හීනෙකින්වත් වරදක් කලේ නැනේ. එහෙම නම් මටම මෙහෙම වෙන්නේ කියලා. ඒ වගේ අමාරැ අවස්ථා පහු කරන ඔබටයි මේ කියන්නේ ගමන අතාරින්න එපා. ඇවිදගෙන යන්නේ අපායක් මැද්දෙන් නම් යන්න දිගටම ඇවිදගෙන යන්න.මේ ලෝකේ හැම මිනිහෙකුටම අමාරැ දවස් එනවා. හැබැයි ඒවා එන්නෙ නවතින්න නෙමෙයි. ඒවා එන්නෙ පහුකරගෙන යන්න. ඔබ දන්නවා ද දක්ශයෙක් වෙන එක පුදුමාකාර නෑ. ඒක අපි හැමෝම ලග තියෙන දෙයක්. වැදගත්ම දේ තමයි ඔබ ඔබව විස්වාස කරන්න පටන් ගන්න ඕන. ගොඩක් මිනිස්සු කසාද බදිනවා . ජීවත් වෙන්න කීයක් හරි හොයා ගන්නවා . ඊට පස්සේ මැරිලා යනවා. තමාව උනන්දු කරන එක නතර කරනවා. ගොඩක් මිනිස්සු තමන්ගේ තත්වය ගැන චෝදනා කරම්න් ඉන්නවා. හැබැයි එයාලා ට එයාලගේ තත්වය වෙනස් කරන්න කිසි උනන්දුවක් නැ.
ගොඩක් අය තමන්ගේ හීනය වෙනුවෙන් වැඩ කරන්නෙ නැහැ. ඇයි ඒ?
01 පැරදෙන්න තියෙන බය හින්දා.
මේ දේ මෙහෙම උනොත් මොනවා වෙයිද?
02 සාර්ථක වෙන්න බය හින්දා.
මේ දේ හරි ගියොත් පාලනය කර ගන්න පුළුවන් වෙයිද?
ඔබ ගොඩක් මිනිස්සු එක්ක කාලය ගත කරනවා. ගොඩක් මිනිස්සු ඔබට ආකර්ෂණීය කර ගන්න ඔබ කටයුතු කරනවා. ඔබ දැන් මිනිස්සු අධ්‍යනය කරා. ඔබ දැන් එයාලා ගැන දන්නවා.ඔබට ඔින ඒ මිනිස්සු වගේ වෙන්න . මොකද ඔබ කාලය ආයෝජනය කලේ අනිත් මිනිස්සු ලග.ඒ නිසා ඔබ කවුද කියලා ඔබ දන්නෙ නැ.මං ඔබට අභියෝග කරනවා. ඔබ ඔබත් එක්ක ජීවත් වෙන්න. ඒකෙන් විතරයි ඔබේ පරාජයන් එලියට ඇදලා දාන්න පුළුවන් වෙන්නේ. එතකොටයි ඔබ හීන වලට යන එක පටන් ගන්නේ. ඔබ ඔබට චෝදනා කරන එක නතර කරන්නේ. මට අරක නැ. මට මේක නැ. මට මහන්සි. මං දුර්වලයි. ඔබ චෝදනා කරන එක නවත්වන්න. චෝදනා කරන මිනිස්සු න්ගෙන් ඈත් වෙන්න. චෝදනා නොකරන මිනිස්සු ලග තමන්ගේ ගැටලු වලට උත්තර තියෙනවා. තමන්ගේ හීන පස්සේ එලවන මිනිස්සුන්ට අරමුණ ඔලුව ට වැටුනම ඔබ මුලින්ම කරන්නේ මිනිස්සු ගෙන් ඈත් වෙන එක. ඔයා තමන් වටේ ඉන්න මිනිස්සු ව අධ්‍යනය කරන්න කරන්න ඔයා කොපි කරන කෙනෙක් වෙනවා.
ඔබට ඕන ලෝකේ හොදම කොපි කැටි වෙන්න ද?
නැත්නම් හොදම version එක වෙන්න ද? ඔබ තීරණය කරන්න.
හැමෝම ඔබේ උත්සාහය දකින එකක් නැ. හැමෝටම ඔබට වගේ අරමුණක් තියෙන එකක් නැ. ඔබට අදාල නෑ. පොකුණේ ඉන්නෙ මොනවගේ මාළුවොද කියලා . මොකද ඔබ වෙනස්ම සතෙක්. ඔබෙි ගමනට කාව හරි සම්බන්ධ කර ගන්නවා නම් ඔබ තරමිම සාර්ථක වෙන්න උණක් තියෙන කෙනෙක්ව සමිබන්ධ කර ගන්න. හීන කියන බඩගින්න තියෙන කෙනෙක්ව එකතු කර ගන්න. හීන අතෑරපු මිනිස්සු නෙමෙයි. හීන හෑබෑ කර ගත්තෙ හීන එක්ක පොර බදලා අල්ලය් ඉදපු මිනිස්සු යි. ඔබට කවදාවත් තිබිලා නැති දෙයක් ලබා ගන්න නම් ඔබට කවදාවත් කරලා නැති දේවල් කරන්න වෙනවා. ඔබ කොයි තරමි වැටුනත් ඔබ කොයි තරම් කල කිරැනත් ඔබ දැන ගන්න ඔින. කාටවත් බෑ මං වෙනුවෙන් මේ දේ කරලා දෙන්න. ඔබට අද රිදෙන තරමටම ඔබට හෙට ලැබෙනවා. ඔබ පතන ජීව්තේ ලබන්න නම් ඔබට මෑරීගෙන හීන ඇතුලේ කිමිදෙන්න වෙනවා. කොච්චර අමාරැ උනත් මම ඒක කරනවා. හිතන්න මොකක්ද මගේ හීනේ. මට වෛද්‍යවරයෙක් වෙන්න ඕන මට ව්‍යාපාරික යෙක් වෙන්න ඕන. ලෝකේ හොදම වාහනය පදින්න ඕන. ලෝකේ ලස්සනම තැන් දකින්න ඕන. ඇති වෙනකල් මගේ උන්ට සලකන්න ඕන. ඔබට ඒවා කරන්න බැහැ. ඔබේ කාලය ආයෝජනය නොකර. ඔබට දවසක ඕන දේවල් දැන් තියෙනවා කියලා හිතන් වැඩ කරන්න. හිතින් මවා ගන්න ඔබ ආසම වාහනේ ඔබ පැදගෙන යනවා. ඔබ ලෝකේ ආසම තැන් වල ඔබ ඇවිදගෙන යනවා. මතක තියා ගන්න ඔබේ හීනය ඔබේ මනසේ ආයෝජනය කරන්න. නැගිටලා එන්න වැඩ කරන්න.
ඔබට ජය ❤️
❤❤
ReplyDelete💐❤️
ReplyDelete😍😍
ReplyDeleteSuper 😍
ReplyDelete💖💖
ReplyDeleteGreat 😍
ReplyDelete❤️❤️
ReplyDelete❤️
ReplyDelete