Friday 30 June 2023

යකෙක් වගේ වැඩ කරමුද?

 

හැම කෙනාටම ඔින යකෙක් වගේ වැඩ කරලා සාර්ථක වෙන්න. හැම කෙනාටම ඕන අංක එක වෙන්න. හැමෝටම ඕන හොදම කෙනා වෙන්න. හැම කෙනාටම ඕන සාර්ථක වෙන්න. හැමෝටම ඕන වැඩ කරනවා කියලා දැනෙන හැගීම ගන්න. හැබැයි හැමෝටම ඕන කියනවා ව්තරයි. කවුරුත් කරන් නැ. හිතන්න මෙහෙම ඔයා ඇහැරෙනවා පාන්දර හතරට. හැබැයි ඔයා ඇහැරැනා අද තුනයි හතලිස් පහට. ඒත් මොකද වෙන්නේ ඔයා බෙඩ් ශීට් එක පොරව ගෙන තව විනාඩ් පහලවයි කියලා නිදා ගත්තම. ඒත් ඔයාගේ ඇතුලේ අර සාර්ථක වෙන්න දගලන එකා ඉන්නවා නම්. ඌ කියනවා උඹ විනාඩ් පහලොව නිදා ගත්තොත් ආයෙත් ඇහැරෙන්නේ නැහැ. දැන් නිදා ගත්තොත් ඇහැරෙන්නේ හයත් පහුවෙලා. හොදට මතක තියා ගන්න. නැගිටිනවා නම් මේ දැන්ම ඇහැරෙන්න. ඒ විනාඩ් පහලොව තමයි ඔයාගේ ජීව්තය. ඒ විනාඩ් පහලොව තමයි ඔයාලව ඉස්සරහට එක්කන් යනවද? පස්සට ඇදලා දානවද කියලා තීරණය කරන්නේ. ඔයා මොකද කරන්නේ? ඔයාගේ හීන ඔක්කොම පස්සට ඇදලා දානවද? ඔයාගේ මුළු ජීව්ත කාලේම හීන දැක්ක දේවල් වලට යන්න පාර තියෙන්නෙ එතන. ඔයා ගොඩක් ලගයි. ඒ විනාඩ් පහලොව තමයි ඔයාව ඉස්සරහට අරන් යන්නේ. එහෙනම් මොකාද එකෙක් වගෙ ඔලුවේ ඉදන් පොරවගෙන ඉදලා හරියනවද? මතක තියා ගන්න ඔයා හතරට ඇහැරෙද්දි. තව අය තුනට ඇහැරිලා එයාලගේ හීන වෙනුවෙන් වැඩ කරනවා. ඔයා එතකොට විනාඩ් පහලොවක් පරක්කු යි. මට ඕන ඔයා යකෙක් වගේ වැඩ කරන්න . ඉලක්කය වෙනුවෙන් නැහීගෙන් වැඩ කරන්න. 

හැමෝම මොනවා හරි දෙයක් වෙනුවෙන් පොරබදිනවා. ඒත් ඒ හැමෝටම ඒ දේවල් ලගා කරන්න ගන්න වෙන් නැහැ. මතක තියා ගන්න ඔයාට යකෙක් වගේ වැඩ කරන්න පුළුවන් නම් ඔයා දිනනවාමයි. ඔයාට දියමන්තියක් වගේ ඔයාගේ වටිනාකම වැඩ් කර ගන්න ඔින නම් ඔයාගේ මුළු හැසිරීමම වෙනස් කර ගන්න වෙනවා. පිටස්තර සම්බන්ධතා, ඔයාගේ කාලය ගත කරන සියල්ල එයට යටයි. ඔයාට ඒ හැම දෙයක්ම වෙනස් කර ගන්න වෙනවා. ඔයාට වෙනස් වෙන්න බැරි නමි අකුලන් යන්න තමයි වෙන්නේ. වෙනස් වෙන්න බැරි අයට මේ ගේම ගහන්න බැහැ. මේ ගේමි එක දිනන්නේ යක්කු වගේ වැඩ කරන අය ව්තරයි. ඔයාගේ ඉලක්කය පස්සේ ම පන්නන්න. වැඩ කරන්න. විස්වාස කරන්න ඔයාව. ඔයාට ඕන හැම දෙයක්ම ඔයා ලගා කර ගන්නවා කියලා. සිගිති ලෝක වලින් එලියට එන්න. මේක වැඩ්ඩෝ රගන තැනක් මිසක් නිකං ඉදලා ගොඩ යන්න පුළුවන් තැනක් නෙමෙයි. කැප කරන්න ඔයාගේ අද දවස ඔයාගේ හෙට දවස වෙනුවෙන්. 

ඔයා අමාරැ සබිජෙක්ට් එක කටි කරනවද? එහෙනම් කොහොමද මනුස්සයෝ සාර්ථක වෙන්නේ අමාරැම දේවල් skip කරලා.  කවදාහරි කෙලවෙන්නෙත් ඒ දේවල් නිසාමයි. ඒක හොදට මතක තියා ගන්න.  ඔයාට අමාරැ සබිජෙක්ට් එකට තව මහන්සි වෙන්න. පොත් හොයාගෙන කියවන්න. ඒ වෙනුවෙන් දිගටම වැඩ කරන්න. පරදින පරදින වාරයක් ගානේ ආය නැගී සිටින්න. තැලෙන්න තැලෙන්න මුවහත් වෙන්න. ගිහිල්ලා clz එකේ පලවෙනියා වෙන්න. පටන් ගන්න ඔයාගේ බිස්නස් එක. ගන්න ඒ ගැම්ම. මට කියවිලි කාරයන්ගේ කියවිලි ඇහිලා ඇතිිවෙලා.  මම සාර්ථක වෙනවා අරකද මේකද ගගා. සාර්ථක වෙනවා නමි වෙලා පෙන්නන්න. උදේ ඇහැරිලා පොඩි නැප් එකක් දානවද? ඒක නෙමෙයි යකෙක් වගේ වැඩ කරනවා කියන්නේ.   පටන් ගත්ත දේ ඉවර කරලා නිදා ගන්න. සාර්ථකත්වය කවදාවත් පොලේ සේල් දාලා විකුණන් නැහැ. ඒක පොළව හාරලා ගන්න මැණික් ගලක් වගේ. මම අභියෝග කරනවා අද ඉදලා වැඩියෙන් මහන්සි වෙලා වැඩ කරන්න. 

ඔබට ජය ✌ 

Monday 12 June 2023

ඔබේ හීනය ඔබේ මනසේ ආයෝජනය කරන්න. නැගිටලා එන්න වැඩ කරන්න.

 

නරක් වූ පලතුරැ ලග තියෙන ඉදුණු පලතුරැ ඉක්මනින් නරක් වෙනවා. ඒ වගේ තමයි සෘණාත්මක මිනිස්සු ලග ඉන්න ධනාත්මක ම්නිස්සු සෘණාත්මක කරන්න නරක් වුන පලතුරැ වගේ සෘණාත්මක ම්නිසුන්ට පුළුවන්. හීන වලට උණ තියෙන මිනිස්සු ලග නිතර ගැවසෙන්න. මං දන් නැ ඔබේ හීනය මොකක්ද කියලා. මට හිතා ගන්න බැ ඔබ ඒ හීන ඉටු කර ගන්න ගිහින් කොයි තරම් දුක් වින්දද කියලා. මේ මොහොතේ ඔබ කොයි තරම් කලකිරීමෙන්ද ඉන්නෙ කියලා. හැබැයි මං එක දෙයක් දන්නවා. ඔබේ හදවතේ හීනය ඒක හැබෑ වෙනවා. 

ඔබ සමහරවිට දන්නවත් ඇති. ඒක අමාරැයි. ඒක ලේසී නෑ. ඔබේ ජීව්තය වෙනස් කරන එක අමාරැයී. ඔබේ හීනයට යන මෙහෙයුමේදී ඔබට ගොඩාක් දේවල් නැති වෙන්න පුළුවන්. ඔබ පැරදෙන්න පුළුවන්. ඔබට ලොකු වේදනාවක් දැනෙන්න පුළුවන්. ඔබට ඔබ ගැන තියෙන විස්වාසය නැති වෙන්න පුළුවන්. සමහරවිට ඔයා කියයි. දෙවියනේ ඇයි මටම මෙහෙම වෙන්නේ? කියලා. මං උත්සාහ කරන්නේ මගේ දෙමව්පියන්ගේ හීන ඉටු කරන්න නේද? මං හීනෙකින්වත් වරදක් කලේ නැනේ. එහෙම නම් මටම මෙහෙම වෙන්නේ කියලා. ඒ වගේ අමාරැ අවස්ථා පහු කරන ඔබටයි මේ කියන්නේ ගමන අතාරින්න එපා. ඇවිදගෙන යන්නේ අපායක් මැද්දෙන් නම් යන්න දිගටම ඇවිදගෙන යන්න.මේ ලෝකේ හැම මිනිහෙකුටම අමාරැ දවස් එනවා. හැබැයි ඒවා එන්නෙ නවතින්න නෙමෙයි. ඒවා එන්නෙ පහුකරගෙන  යන්න. ඔබ දන්නවා ද දක්ශයෙක් වෙන එක පුදුමාකාර නෑ. ඒක අපි හැමෝම ලග තියෙන දෙයක්. වැදගත්ම දේ තමයි ඔබ ඔබව විස්වාස කරන්න පටන් ගන්න ඕන. ගොඩක් මිනිස්සු කසාද බදිනවා . ජීවත් වෙන්න කීයක් හරි හොයා ගන්නවා . ඊට පස්සේ මැරිලා යනවා. තමාව උනන්දු කරන එක නතර කරනවා. ගොඩක් මිනිස්සු තමන්ගේ තත්වය ගැන චෝදනා කරම්න් ඉන්නවා. හැබැයි එයාලා ට එයාලගේ තත්වය වෙනස් කරන්න කිසි උනන්දුවක් නැ. 

ගොඩක් අය තමන්ගේ හීනය වෙනුවෙන් වැඩ කරන්නෙ නැහැ. ඇයි ඒ? 

01 පැරදෙන්න තියෙන බය හින්දා.

මේ දේ මෙහෙම උනොත් මොනවා වෙයිද? 

02 සාර්ථක වෙන්න බය හින්දා.

මේ දේ හරි ගියොත් පාලනය කර ගන්න පුළුවන් වෙයිද?

ඔබ ගොඩක් මිනිස්සු එක්ක කාලය ගත කරනවා. ගොඩක් මිනිස්සු ඔබට ආකර්ෂණීය කර ගන්න ඔබ කටයුතු කරනවා. ඔබ දැන් මිනිස්සු අධ්‍යනය කරා. ඔබ දැන් එයාලා ගැන දන්නවා.ඔබට ඔින ඒ මිනිස්සු වගේ වෙන්න . මොකද ඔබ කාලය ආයෝජනය කලේ අනිත් මිනිස්සු ලග.ඒ නිසා ඔබ කවුද කියලා ඔබ දන්නෙ නැ.මං ඔබට අභියෝග කරනවා. ඔබ ඔබත් එක්ක ජීවත් වෙන්න. ඒකෙන් විතරයි ඔබේ පරාජයන් එලියට ඇදලා දාන්න පුළුවන් වෙන්නේ. එතකොටයි  ඔබ හීන වලට යන එක පටන් ගන්නේ. ඔබ ඔබට චෝදනා කරන එක නතර කරන්නේ. මට අරක නැ. මට මේක නැ. මට මහන්සි. මං දුර්වලයි. ඔබ චෝදනා කරන එක නවත්වන්න. චෝදනා කරන මිනිස්සු න්ගෙන් ඈත් වෙන්න. චෝදනා නොකරන මිනිස්සු ලග තමන්ගේ ගැටලු වලට උත්තර තියෙනවා. තමන්ගේ හීන පස්සේ එලවන මිනිස්සුන්ට අරමුණ ඔලුව ට වැටුනම ඔබ මුලින්ම කරන්නේ මිනිස්සු ගෙන් ඈත් වෙන එක. ඔයා තමන් වටේ ඉන්න මිනිස්සු ව අධ්‍යනය කරන්න කරන්න ඔයා කොපි කරන කෙනෙක් වෙනවා.

ඔබට ඕන ලෝකේ හොදම කොපි කැටි වෙන්න ද? 

නැත්නම් හොදම version එක වෙන්න ද? ඔබ තීරණය කරන්න.


හැමෝම ඔබේ උත්සාහය දකින එකක් නැ. හැමෝටම ඔබට වගේ අරමුණක් තියෙන එකක් නැ. ඔබට අදාල නෑ. පොකුණේ ඉන්නෙ මොනවගේ මාළුවොද කියලා . මොකද ඔබ වෙනස්ම සතෙක්. ඔබෙි ගමනට කාව හරි සම්බන්ධ කර ගන්නවා නම් ඔබ තරමිම සාර්ථක වෙන්න උණක් තියෙන කෙනෙක්ව සමිබන්ධ කර ගන්න. හීන කියන බඩගින්න තියෙන කෙනෙක්ව එකතු කර ගන්න. හීන අතෑරපු මිනිස්සු නෙමෙයි. හීන හෑබෑ කර ගත්තෙ හීන එක්ක පොර බදලා අල්ලය් ඉදපු මිනිස්සු යි. ඔබට කවදාවත් තිබිලා නැති දෙයක් ලබා ගන්න නම් ඔබට කවදාවත් කරලා නැති දේවල් කරන්න වෙනවා. ඔබ කොයි තරමි වැටුනත් ඔබ කොයි තරම් කල කිරැනත් ඔබ දැන ගන්න ඔින. කාටවත් බෑ මං වෙනුවෙන් මේ දේ කරලා දෙන්න.  ඔබට අද රිදෙන තරමටම ඔබට හෙට ලැබෙනවා. ඔබ පතන ජීව්තේ ලබන්න නම් ඔබට මෑරීගෙන හීන ඇතුලේ කිමිදෙන්න වෙනවා.  කොච්චර අමාරැ උනත් මම ඒක කරනවා.  හිතන්න මොකක්ද මගේ හීනේ. මට වෛද්‍යවරයෙක් වෙන්න ඕන මට ව්‍යාපාරික යෙක් වෙන්න ඕන. ලෝකේ හොදම වාහනය පදින්න ඕන. ලෝකේ ලස්සනම තැන් දකින්න ඕන. ඇති වෙනකල් මගේ උන්ට සලකන්න ඕන. ඔබට ඒවා කරන්න බැහැ. ඔබේ කාලය ආයෝජනය නොකර. ඔබට දවසක ඕන දේවල් දැන් තියෙනවා කියලා හිතන් වැඩ කරන්න. හිතින් මවා ගන්න ඔබ ආසම වාහනේ ඔබ පැදගෙන යනවා. ඔබ ලෝකේ ආසම තැන් වල ඔබ ඇවිදගෙන යනවා. මතක තියා ගන්න ඔබේ හීනය ඔබේ මනසේ ආයෝජනය කරන්න. නැගිටලා එන්න වැඩ කරන්න.

ඔබට ජය ❤️

Saturday 10 June 2023

අදුරැ මතක මැදින් නැගිටිමු.

 


අපිට බෑ ලෝකේ ඉන්න හැම එකාවම සතුටු කරන්න.

අපිට බැ ලෝකේ හැම එකාම කැමති දේවල් කරන්න.

ඒක නිසා මහන්සි වෙයන් උඹවම සතුටු කරන්න.

ඒක නිසා මහන්සි වෙයන් උඹ කැමති දේ කරන්න.

එතකොට කවදාහරි උඹ වටේ ඉන්න එවුනුත් සතුටු කරන්න පුළුවන් වෙයි.

අඩිය අඩිය තියපන් ඉස්සරහට අඩිය අඩිය පලයන් ඉස්සරහට.

 හිතපන් උඹ අඩියක් හරි ඉස්සරහට ගියොත් ඒක කාටද කියලා. 

හිතපන් උඹ දිනුවොත් ඒක කාටද කියලා.

අමතක කරපන් උඹෙි ගරා වැටුණු අතීතේ.

අමතක කරපන් ගරා වැටුණු මතකයන්.

නැගිටපන් ඒ ගරා වැටුණු මතක අතරින් නියම මිනිහෙක් වගේ.

එතකොට මුළු ලෝකෙම උඹට ආදරේ කරයි.

හරියට උඹ ඉපදුණු දවස වගේ.

ආයෙත් ඉපදියන්.

ආයෙත් කරපන්.

හදපන් මෙතෙක් බිහි වුණු උඹේ.

හොදම version එක.

ඔබට ජය ❤️









Thursday 1 June 2023

ඔයාගේ වට්නාකම ගැන දන්නවද? 🤔

 

ඔයා හිතනවද? කාටවත් ඔයාව වටින් නැ . කවුරුත් ඔයාව ගනන් ගන් නැ. ඔයාව හැමෝම ප්‍රතික්ෂේප කරනවා. ඔයාව කවුරුත් ගනන් ගන් නැ කියලා. හිතන්න රැපියල් දාහක් අරන් ඔයා කඩේට යනවා. ගන්නවා රැපියල් නමසීයක බඩුවක්. ඔයාට ඒ දාහෙන් ගෙවන්න පුළුවන් නේද? ඔයා ගන්නවා නමසිය අනූනමයට තියෙන බඩුවක් ඒත් ඔයාට ගෙවන්න පුළුවන් නේද? ඒත් ඔයාට ගන්න පුළුවන් නේද? ඔයා රැපියල් දාහ ගුලි කරනවා. දැන් ඔයා ගුලි කරා කියලා රැපියල් දාහේ වටිනාකම අඩු උනාද? ඔයා ඒ දාහ කිළිට් කරනවා බිම දාලා පාගනවා. දැන් වට්නාකම කීයයි කියලද හිතන්නේ. ඔයා ඒ දාහ කිළිට් කරලා විසික් කරනවා. ඒක අහුල ගන්නවා වෙන කෙනෙක්. දැන් එකේ දාහේ නෝට්ටුවේ වට්නාකම කීයද? දාහ කිළිට් කරලා දෙකට මැදින් ඉරනවා. දැන් වට්නාකම කීයයි කියලද හිතන්නේ? වට්නාකමක් නැද්ද ? ඔයාට පුළුවන් දාහ මැද්දෙන් ටෙිප් එකක් ගහලා අර නමසිය අනූ නමයේ භාණ්ඩය ගන්න. ඔයා ඉරැවා , පෑගුවා කියලා වට්නාකම අඩු උනාද? නැ නේද?

එහෙනම් ඇයි ඔයා හිතන්නේ ඔයාගේ වට්නාකම අඩු උනා කියලා. ඔයා ප්‍රතික්ෂේප වුනා , ඔයාව මග හැරියා කියලා ඔයාගේ වටිනාකම අඩු වුනා කියලා හිතන්නේ ඇයි? ඔයාව කවුරැහරි රිද්දුවා , ඔයාගේ ආදරවන්තයා දාලා ගියා , ඔයාගේ ව්‍යාපාරය ආසාර්ථක වුනා කියලා හිතන්නේ ඇයි? ඔයා එක්ක ලගින්ම ඉදපු අය දාලා ගියා , ඔයා කොන් වුනා, ඔයාගෙන් අනිත් අය ප්‍රයෝජන ගත්තා කියලා හිතෙනවද? ඔයාගේ වට්නාකම මෙි දේවල් නිසා අඩු වුනා කියලා හිතෙනවද? මතක තියා ගන්න ඔයාගේ හිතත් කොච්චර කැඩුනත් බිදුනත් ඉරිච්ච දාහට ටෙිප් කෑල්ල ගහලා වටිනාකම නැවත ලැබුනා වගේ. ඔයා ඔයාගේ කැඩුණු බිදුණු තැන් ගම් ගාලා අලවන්න. ඔයා තීරණය කරන්න ඔයාගේ වටිනාකම . ඒක තීරණය කරන්න පුළුවන් ඔයාට ව්තරයි. නැගිට්න්න උත්සාහ කරන්න. ඔයාගේ වටිනාකම තීරණය කරන්න. ඔයා අත්හරින්න ඔන්න මෙන්න වෙන්න ඇති. ඔයාට ජීව්තේ එපා වෙලා ඇති. ජීව්තේ අතාරින්න ඔන්න මෙන්න වෙන්න ඇති. මානසික ආතතිය ඇති. හැබැයි මතක තියා ගන්න මේ කිසි දේකට බැ ඔයාගේ වටිනාකම  අඩු කරන්න. ඔයා ඔයාගේ ගමන යන්න. ඔයාගේ ඉලක්කයට යන්න.   කිසිම මොහොතක ඔයාව අවතක්සේරු කරන්න එපා. ඔයාගේ වටිනාකම ඔයා තීරණය කරන්න.  

ඔයාව ගොඩක් වටිනවා. ඔයාව පරිස්සම් කර ගන්න.

ඔබට ජය !

සාර්ථකත්වයට යන ගමනෙදි මොකක්ද ඔබව නවත්තන්නේ?

මට කියන්න.ඔබට හොදටම මහන්සි ද? ඔබට නිදා ගන්න වෙලාවක් නැද්ද? ඔබට උවමානා තරම් ශක්තිය නැද්ද? ඔබට කාලය මදිද? ඒකද ඔබව නවත්වගෙන ඉන්නේ. ඔබට සාර්ථක ව...