Tuesday 11 July 2023

සාර්ථකත්වයට යන ගමනෙදි මොකක්ද ඔබව නවත්තන්නේ?

මට කියන්න.ඔබට හොදටම මහන්සි ද? ඔබට නිදා ගන්න වෙලාවක් නැද්ද? ඔබට උවමානා තරම් ශක්තිය නැද්ද? ඔබට කාලය මදිද? ඒකද ඔබව නවත්වගෙන ඉන්නේ. ඔබට සාර්ථක වෙන්න සල්ලි මදිද ඒකද හේතුව ? ඔබව නවත්වගෙන ඉන්නේ ඔබවද? මතක තියා ගන්න. නිදහසට කාරණා හොදයි ඒවා කියන මිනිස්සු ට. අද ඉදලා ඔයා පිලිබදව අනුකම්පා කරන එක නවත්වන්න. ඔයා දුකින් කියලා මිනිස්සු ට කියන එක. ඔයාගේ පශ්න කතා කරන එක, අනුන්ගේ අනුකම්පාව දිනා ගන්න උත්සාහ කරන එක අදම නවත්වන්න. දුක් මුසු බව පෙන්වලා මිනිස්සු ගෙ අවදානය දිනා ගන්න එක අදම නවත්වන්න. කවදාහරි ඔයා මං රෝල්ස් රොයී එකක් ඇතුලේ ඉන්නවා දැක්කොත් , මං තරැ හයේ හතේ හෝටලයක් ඇතුලේ ජීවත් වෙනවා දැක්කොත්  මට ඉරිසියා කරන්න එපා. මොකද? මං ඒ වෙනුවෙන් නිදි මරාගෙන වැඩ කරනවා. ඔබට වගේම තමයි මටත් කවුරුවත් මොකුත් දුන්නේ නැ. දැන් නැගිට්න්න. ඔයාගේ ඇග ඇතුලේ ඉන්න යක්ශයව අවදි කරන්න. සෙල්ලම පටන් ගන්න. මේ ඔබට හරියන කාලේ. ඔබ ඉන්නේ කොතනද? එතන ඉදලා ඔබට තියෙන දේවල් තියෙන හැටියට පටන් ගන්න. පුළුවන් හැටියට පටන් ගන්න. ඔයාට ඔයාගේ ජීව්තේ එක්ක පශ්නයක් තියෙනවාද? ඔයා ජීවත් වෙන පරිසරය එක්ක පශ්නයක් තියෙනවාද? එහෙනම් මට කරන්න දෙයක් නැ. ඔබේ පශ්නෙට ඔබ මොනවා හරි කරන්න. ඔබට දෙයක් ඕනද හරි එහෙම නම් ඒ දේ වෙනුවෙන් වැඩ කරන්න. ඊට පස්සේ ඒදේ ගන්න. හැබැයි මතක තියා ගන්න නිදහසට කාරණා තවදුරටත් වලංගු නෑ. ඒවා මනස්ගාත. බොරැ. ඒවා කොහොමද ? ඇත්තට මූණ දෙන්න පටන් ගන්න.මේ ලෝකේ ඇත්ත තමයි. ඔබට කාලය තියෙනවා. ඔබට කුසලතා තියෙනවා. ඔබට දැනුම තියෙනවා. ඔබ ගාව නිහතමානීකම තියෙනවා. දැන් ඔබට උවමානා දේ කරන්න. මතක තියා ගන්න. ඔබ ජීව්තේ හැමදේම පටන් ගන්නේ අභියෝගයකින්.  වටින කියන හැම දෙයක්ම තියෙන්නෙ ගහ මුදුනේ. අමාරැම මාවතක කෙලවරේ. ඒක ඔබව හොයාගෙන එන්නේ නැ. ඔබ යන්න ඕන.දවසක දිනලා බලන්න. ඒක ඔබ ලේසීයෙන් කලා කියලා ඔබට කවදාවත් හිතෙන්නේ නෑ. මොකද ඒක අමාරැයි. ඔබට ඒ සාර්ථකත්වය ඕන නම් යන්න ගිහින් ඒක අර ගන්න.මේ ඔයාගේ වෙලාව. මේ ඔයාගේ තැන. හෙට හෙට හෙට හෙට කියලා දවසක් නෑ. මොකද අපට තියෙන්නෙ අද දවස විතරයි. ඔයාගේ හීන ඔයාට උවමනා දේ ලබා ගන්න එක නම් යන්න.  ගිහින් ඒ වෙනුවෙන් වැඩ කරන්න. ලබා ගන්නකල් දිගටම වැඩ කරන්න. ජය කියන්නෙ එක ලොකු පිම්මක් නෙමෙයි. පුංච් පුංචි අඩි වලින් හැදෙන පොඩ් ගමනක්. කවුරැහරි ඔයාට බෑ කියලා කිව්වොත් දෙපාරක් ඒ වැඩේ කරලා පින්තූරයක් ගන්න.

ඔබට ජය ✌ 

සාර්ථකත්වයට යන ගමනෙදි මොකක්ද ඔබව නවත්තන්නේ?

මට කියන්න.ඔබට හොදටම මහන්සි ද? ඔබට නිදා ගන්න වෙලාවක් නැද්ද? ඔබට උවමානා තරම් ශක්තිය නැද්ද? ඔබට කාලය මදිද? ඒකද ඔබව නවත්වගෙන ඉන්නේ. ඔබට සාර්ථක ව...