Monday 29 May 2023

අරමුණක් නැද්ද?


   
මිනිස් මොළය නිර්මාණය වෙලා තියෙන්නෙ සාර්ථකත්වය වෙනුවෙන් නොවෙයි. නිර්මාණය    වෙලා තියෙන්නෙ පැවැත්ම  වෙනුවෙන්. ඉතින් ඔබ හා මම පැවැත්ම වෙනුවෙන් ජීවත් වන විට අප කරන්නේ අපේ ශක්තිය සංරක්ෂණය කරමින් ජීවත් වෙන එකයි. හැබැයි සාර්ථකත්වය වෙනුවෙන් කැපවන විට අප කටයුතු කරන්⁣නේ සාර්ථකත්වය වෙනුවෙන් ශක්තිය වැය කරමින් ජීවත් වෙන එකයි. ඉතින් ඒ නිසා ඔබ වැඩ කල්දාලා තියෙනවා නම් , ඔබ ඔබේ ජීව්තේ වැරදි තීරණ අරගෙන තියෙනවා නම් , ඔබ අතින් ඔබටම පාඩූ වෙලා තියෙනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ නැ ඔබ ඉන්නේ පරාජිතයන්ගේ ලැයිස්තුවේ කියලා.

ඉතින් සාර්ථක වෙනවා කියන්නෙ සාමාන්‍ය දෙයක් නෙමෙයි. සාර්ථකත්වය කියන්නෙ ගොඩක් මිනිස්සු අත් දකින දේකුත් නෙමෙයි. ඔබට සාර්ථකත්වය අත් දකින්න ඕන නම්  , ඔබ එයට උත්සාහ කරනවා නම් ඔබට සිද්ධ වෙනවා ඔබෙි මොළය නැවත සකස් කරන්න. සාර්ථකත්වය අත්දකින්න පහසු වෙන විදියට. මෙි ලස්සන කතාව කියන්නේ රෝරිිය බේග් නමි කතුවරයා සම්මුඛ පරීක්ෂණයකදියි. අප තවමත් ජීව්තේ සැලකිය යුතු අභියෝග වලට මුහුණ දීලා නැත්නම් , අපි අපේ සුවපහසු කලාපයෙන් තවමත් එළියට ගිහින් නැත්නම් අපේ ජීව්තේ තවම එකම තැන. 
අපට තවම හිතෙනවා නම් කරන කිසි දෙයක් හරියන්නැ කියලා. අපි තාම ඉන්නේ අපේ මොළයේ මූලික තත්වයේ. ඒ කියන්නෙ අපි අපේ මොළය වෙනස් කර ගන්න ඔින කියලා. මේක වෙනස් විදියට කිව්වොත් පුද්ගලයෙක් , රටක් ,ජාතියක දියුණු වෙන්න ඔින නම් ඒ අයට තියෙන්න ඔින වර්ධන මානසිකවයක්. මොළය වර්ධනය වෙන මිනිස්සු නිතරම දේවල් ඉගෙන ගන්නවා. අත්දැකීම් ගන්නවා මෙන්ම මොළය  වර්ධනය කරමින් ඉන්නවා. වැටුනම ඉගෙන ගන්නවා. නිතරම අලුත් වෙනවා. 
නමුත් ඔබට තියෙන්නෙ දියුණුවට පටහැනි මානසිකවයක් නම් ඔබ කොච්චර අභියෝග වලට මුහුණ දුන්නත් , අත්දැකීම් ගත්තත් ඒවාගෙන් ඉගෙන ගන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ අය වැටෙනවා. වැටෙනවා. ආය වැටෙනවා. සියල්ල වෙන්නේ දෛවය ට කියලා හිතාගෙන ඉන්නවා. එතකොට මොකද වෙන්නේ එයාලා දුර්වල වෙනවා. ඔවුන් මොළය නැවත සකස් කරන්නේ නැ. අලුත් කරන්නේ නැ. මොළය වර්ධනය වෙන්නේ නැ. හැබැයි එයින් කියවෙන් නැ ඔබ වැරැද්දක් කරනවා කියලා. අපේ ජීව්තේ එක තැන තියා ගැනීම හෝ ඉදිරියට අරන් යාම ඔබගේ තෝරාගැනීමක්. හැබැයි ඔබ වෙනස් වෙන්න සූදානම් නැත්නම් ඔබ⁣ තේරැම් ගත යුතුයි. ඔබට එක තැන ඉන්න සිද්ධ වෙනවා කියන එකයි. හැබැයි ඔබේ අරමුණ වෙනස් වෙන එක නම් ඔබේ මොළය වෙනස් කල යුතුයි. 
අපි කොහොමද මේක කරන්නේ INC කියන වෙබ් අඩවියේ කේවීන් ඩෝම් කතුවරයා ලියලා තියෙනවා මේ දියුණු වෙන්න හැකියාව තියෙන මිනිස්සු ට දියුණු වෙන්න දෙන්න දෙන්නේ නැතුව එකම තැන තියාගෙන ඉන්න අප මොළය විසින්ම කරන දේවල් කිහිපයක් ගැන. ඔහු කියනවා මොළය අපේ හොදම මිතුරා වෙන්නත් පුළුවන් අපේ නරකම සතුරා වෙන්නත් පුළුවන්.  මෙන්න මේ කාරණා පිලිබදව දැනුවත් වීම ඉතා වැදගත්. 

සිබෙස්තියන් බෙීලී  මොළය පිලිබදව අධ්‍යනය කල විද්වතා සදහන් කරලා තියෙනවා. අපේ හිර වෙච්ච සිතුවිලි කඩාගෙන ඉදිරියට යන්නේ කොහොමද ? කියලා. 

01) ඔබ හිතනවා මීට වඩා දේවල් ඔබට හොදට කරන්න බැ කියලා.
උදාහරණයක් ලෙස ඔබ කාර්යාලයේ හෝ ඔබ විශ්ව ව්ද්‍යාලයේ අලුත් වැඩක් කරන්න බාර දුන්නොත් ඔබ මුලින්ම හිතන්නේ මෙහෙමයි.

A) මේක නම් මට කරන්න බැ. මේක කරන උපතින්ම හැකියාවක්  මට ලැබ්ලා නැ. 

B) මං මේක කරන්න හුගක් මහන්සි උනා. තව ට්කක් උත්සාහ කලොත් කරන්න බැරි වෙන එකක් නැ. 

ඉතින් ඔබ තෝර ගන්නේ A නම් ඔබට තියෙන්නෙ ස්ථාවර මානසික තත්වයක් නම් ඔබ හිතනවා උපතින්ම ලැබෙන ලොකු බුද්ධියක් නැතුව මේක කරන්න බැ කියලා. හැබැයි ඔබ තෝර ගන්නේ B නම් ඔබ හිතනවා සැලකිය යුතු උත්සාහයක් එක්ක ඔබ අලුත් අභියෝගයක් ජය ගන්න ඔබට පුළුවන් කියලා. අපි මේ තුලින් අභියෝග වලට මුහුණ දෙන්න වර්ධන මානසික තත්වයකට යන්න පුරැදු වෙනවා. 

02) ඔබේ මතකයන් වලට ඔබව රවට්ටන්න ⁣ඉඩ දෙනවා.

උදාහරණයක් ලෙස මේ ලෝකේ මිනිස්සු වැඩ්පුරම මැරෙන්නේ මොරෑ හින්දද? අශ්වයෝ හින්දද කියලා අපි ගැටලුවක් අහනවා.

ඔබ දැන් මතක් කරලා බලනවා පුවත් මතකද කියලා . නමුත් ඔබට මතකයට එන්නේ නැ. අශ්වයෝ පහර දීලා මිනිස්සු මිය ගියා කියලා. ඔබ ඔබේ මතකයට අනුව නිගමනයට එනවා. මොරෑ නිසා වැඩ්පුරම ම්නිසුන් මැරෙනවා කියලා. ඔබේ මොළය ව්සින් ඔබව රවට්ටලා. ඇත්තටම හොයලා බැලුවොත් ලෝකයේ වැඩ්පුරම මිනිස්සු මැරෙන්නේ අශ්වයෝ පහර දීලා. ⁣මේකත් අපෙ මොළයේ එක් අවස්ථාවක්. අප වර්ධනය නොවන. අපිට වැඩිපුරම මතක අපි ජීව්තේ පරාජය ලැබූ අවස්ථා නම් ඔබ හිතනවා ඔබ පරාජිතයෙක් කියලා. දුර්වලයි කියලා. නමුත් ඔබ හොදට මතක් කරලා බැලුවොත් ඔබ ජය ගත් අවස්ථා කෝටීයක් ව්තර ඇති.  මේවා මානසිකව කරන තාර්කික වැරදි ලෙස හදුන්වනවා. නමුත් ඔබේ ජීව්තේ සුව පහසු තැනකට ගෙනියන්න ඕන නම් ඔබට මේ දේ ඉවත් කරන්න වෙනවා.

ඉලෝන් මස්ක් එක සම්මුඛ සාකච්ඡාවකදි කියනවා. මෙය අපත් තවමත් කරනවා ඉලෝන් මස්ක් මහතාත් අතින් පවා තවම වන වරදක්. අපි හිතනවා යම් දෙයක් ඇත්තක් කියලා. ඇත්තක්  නොව්නත්. 

උදාහරණයක් ලෙස ඔබට අවශ්‍යයි සුරංගනාව්යෝ මෙි ලෝකේ ඉන්නවා කියලා විශ්වාස කරන්න. ඔවුන් මේ ලෝකේ හිට්යෙ නැතත්.
ඔබට අවශ්‍යයි හැර ගිය පෙම්වතා ඔබට තවම ආදරේ කියලා විස්වාස කරන්න. නමුත් ඔහු වෙන පෙම්වතිය පෙම්වතියකට දැන් කට දැන් ආදරේ කරනවා. මේකෙන් වෙන්නේ ඔබට යථාර්ථයට මුහුණ දෙන්න බැරි වෙන එක.   

03) ඔබ ඕනවට වඩා ඉක්මනින් ගමන අතාරිනවා.

ඔබ ඔබේ ගමන දුශ්කර වෙද්දී මොකද කරන්නේ පලා යනවද? සටන් කරනවද? 
විශේෂයෙන්ම මැරතන් ධාවකයෙක්ට  දේශපාලන  කටයුතු වලදි  සහ ව්‍යවසායකයෙක්ට තියෙන විශේෂ ශක්තියක් තියෙනවා. ගමන අමාරැ ⁣වෙනකොට ඔවුන් අමතර ශක්තියක් හොයා ගන්නවා ඒ ගමනේ එල්ලිලා ඉන්න. මේ තත්වයට එන්න ඔබ වැඩක් පටන් ගත්තම ඉවර කරන කල් ඒ කැපවීම පවත්ව ගන්න ඕන. දෙයක් වැරදුනම හිටපු තැනට ඇව්ත් ආය වැඩ කරන්න මානසික ශක්තියක් තියෙන්න ඕන. තිරසාර උත්සාහයක් තියෙන්න ඕන. පුහුණු වෙන්න ඔින. කාලයත් එක්ක වැඩ් දියුණු වෙන්න ආශාවක් තියෙන්න ඕන. ඉතින් අතාරින්න හිතෙනකොට මතක් කර ගන්න අද කැපවීම හෙට ජය නියත බව. 

04) ඔබ ඕනවට වඩා ඔබෙි පහසුව ගැන හිතනවා.

අප හැම වෙලාවකම හිතනවා ආතතිය අපට හොද නැ කියලා. හැබැයි සෞඛ්‍ය සම්පන්න තත්වයක ආතතියක් වින්දට ගැටලුවක් නැ. අපේ දියුණුව වෙනුවෙන්. ඔබ ඔබේ පහසුව ගැන හිතලා කිසි දෙයක් කරන් නැත්නම් , ශක්තියක් කැපවීමක් වැය කරන් නැත්නම් ඔබ ඔබේ පහසුව ගැන හිතන කෙනෙක්. 
හැබැයි මෙි ආතතිය එන්නේ අපේ අනාගතේ දියුණු වෙන්න යන්නේ කියන මානසිකවයත් එක්ක. අපට රැකියාවේ උසස් වීමක් ලැබෙනවා කියලා හිතද්දි ,අපි රැකියාවේ ඉහළට යනවා කියලා හිතද්දි, අපි ලස්සන දර්ශනයක් බලන්න කියන සතුට එක්ක කන්දක් නගිද්දි, අනිත් අයටත් උදව් කරගෙන ජීවත් වෙන්න පුළුවන් කියන සැනසිලිදායක මානසික තත්වය ගැන හිතලා වැඩ කරද්දි ඔබට සෞඛ්‍ය සම්පන්න ආතතිය දැක ගන්න පුළුවන්. මේ ආතතිය තමයි අපිව සුව පහසු කලාපයෙක් එළියට අරන් යන්නේ.

05) ඔබ ඔබට ඉතාම දැඩ්යි.
උදාහරණයක් ලෙස ඔබ සම්මුඛ පරික්ෂණයකට යනවා. ඔබ එයට හොදට මුහුණ දෙනවා. ඔබට ව්ශ්වාසයි ඔබ මේ රැකියාවට සුදුසුකම් ලබනවාම කියලා. හැබැයි සතියකට පස්සේ ඔබට දැන ගන්න ලැබෙනවා ඒ තනතුරට වෙන කෙනෙක්ව ගත්තා කියලා. 
දැන් ඔබ මෙහෙම හිතයි.

A) මං හිතුවා හරි මට කවදාවත් ජොබි එකක් ලැබෙන් නැ.
B) මාව තව පුහුණු කරන්න ඔින. තව ටට්කක් පුහුණු කලොත් රස්සාවක් හොයා ගන්න බැරි වෙන එකක්ම නැ.
A අකුරෙන් ඇති වන තත්වය සාමන්‍යයි. හැබැයි ඔබට පුළුවන් නම් B අකුරේ තත්වයට ඔබව වෙනස් කරන්න ඒක හරියට වීදූරැ බදුනක් බිදුනම ඒක නැවත සකස් කරන්න ජපන් ජාතිකයන් භාව්තා කරන කිංචුකි ශිල්පය වගෙයි. එහෙම  භාජනයක් බිදුනම එයාලා නැවත එය පිලිසකර කරනවා. ඉරි තැලුණු තැන් වලට රත්තරං ආලේප කරනවා. අවසානයේ නරක අත්දැකීමෙන් පස්සේ වට්නාකම හිතා ගන්න බැරි විදියට වැඩ් වෙනවා. 
පරාජයකට මුහුණ දුන්නම  ඒක අත්දැකීමක් කර ගන්න. නැවත උත්සාහ කරන්න හොද අවස්ථාවක් කර ගන්න. ඒ ජොබි එකට වඩා හොද ජොබි එකක් හොයා ගන්න ඔබට අවස්ථාව ලැබුනා කියලා හිතන්න. අමාරැ හැගීමක් ආවම පසු බසින එක නතර කර ගන්න. හිත සුවපත් වෙන්න දෙන්න. ඔබට කරැණාවන්ත වෙන්න. සතුටින් ඉන්න අනාගතයක් ගැන හීන දකින්න. අඩුපාඩු හිඩැස් වහලා දාන්න. දියුණු වීමේ හැකියාවට මෙි කරැනු ට්ක ඔබේ මොළයට ගන්න. ඉදිරියට ඔබට එන අභියෝග වලට ඒ ව්දියට මුහුණ දෙන්න.

රෝස පදුරේ කටු තියෙනවා කියලා හිතලා දුක් වෙනවා නෙමෙයි. කටු පදුරෙත් රෝස මල් පිපෙනවා නේද කියලා හිතන්න. 

ඔබට ජය 💪❤️

15 comments:

සාර්ථකත්වයට යන ගමනෙදි මොකක්ද ඔබව නවත්තන්නේ?

මට කියන්න.ඔබට හොදටම මහන්සි ද? ඔබට නිදා ගන්න වෙලාවක් නැද්ද? ඔබට උවමානා තරම් ශක්තිය නැද්ද? ඔබට කාලය මදිද? ඒකද ඔබව නවත්වගෙන ඉන්නේ. ඔබට සාර්ථක ව...